Sunday, October 1, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeක්‍රීඩාසුජීව ලෝකයේ හොඳම විනිසුරු නවය අතරට බේස් බෝල් ලෝක ශූරතා විනිශ්චයට...

සුජීව ලෝකයේ හොඳම විනිසුරු නවය අතරට බේස් බෝල් ලෝක ශූරතා විනිශ්චයට තායිවානයේ

ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු සහ එකම ජාත්‍යන්තර බේස් බෝල් විනිසුරුවරයා වන සුජීව විජයනායක මෙම මස 29 වැනිදා ආරම්භවන අවුරුදු 12 න් පහළ ලෝක බේස් බෝල් තරගාවලියේ විනිශ්චය සඳහා ලෝක බේස්බෝල් සංගමය විසින් නම්කර තිබේ. එම සංගමයට අනුබද්ධව කටයුතු කරන බේස්බෝල් ක්‍රීඩාවේ නිරත  රටවල් සියයකට අධික බේස්බෝල් සංගම් අතරින් මෙවර ලෝක ශූරතාවයට කැඳවුම් ලබා ඇත්තේ විනිසුරුවන් නව දෙනෙක් පමණි. ඒ අනුව එකී ගෞරවයට පාත්‍රවූ සුවිශේෂී ජාත්‍යන්තර විනිසුරුවකු බවට සුජීව විජයනායක ලෝක බේස් බෝල් සංගමය විසින් සැලකීම ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාව ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

මෙවර තරගාවලියට අමෙරිකාව, ජපානය, කොරියාව, තායිවානය, මෙක්සිකෝව, පැනමාව, චෙකොස්ලෝවැකියාව, දකුණු අප්‍රිකාව, ඩොමිනිකාව, ඉතාලිය යන රටවල් 11 ක්  තරග වැද සිටී.

මෙවර ලෝක ශූරතා තරගාවලිය අගෝස්තු 07 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ඔහු පළමුවරට ලෝක බේස්බෝල් තරගාවලියක විනිශ්චයට එක්වූයේ 2018 වසරේ කොරියාවේ පැවැති අවුරුදු 18 න් පහළ බේස්බෝල් තරගාවලිය වෙනුවෙනි. ඊට පසු පසුගියදා ජපානයේදී අවසන් වුණු බේස්බෝල් 5 ජපාන ජාතික බේස්බෝල් තරගාවලියේ දී එරට බේස්බෝල් විනිසුරුවන් 50000 කට අධික පිරිසක් අතරින් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කිරීමේ ගෞරවය දිනාගත්තේද සුජීව විජයනායකයන්ය.

ඔහු 2020 ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ බේස්බෝල් සහ සොෆ්ට්බෝල් තරගාවලියේ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු වශයෙන් වගකීම් දැරිමද සුවිශේෂීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments