Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකසාමය වෙනුවෙන් වෙහෙසීමට මුළු ලොවටම ආරාධනා කරන  jw.org ජාත්‍යන්තර සමුළුව

සාමය වෙනුවෙන් වෙහෙසීමට මුළු ලොවටම ආරාධනා කරන  jw.org ජාත්‍යන්තර සමුළුව

2022 වර්ෂය සඳහා වූ “සාමය වෙනුවෙන් වෙහෙසෙමු” යන තේමාවෙන් භාෂා 500කටත් වඩා වැඩි ගණනකින් පැවැත්වෙන සමුළුව නැරඹීම සඳහා  රටවල් 239ක සිටින jw.org සමාජිකත්වය එක් වන බව මෙහි මාධය ප්‍රකාශක පවසයි..

ශ්‍රී ලංකාව ඇතුළුව ලොව වටා රටවල් ගණනාවක සිටින මිලියන ගණනක් වන jw.org සමාජිකයින් මෙහි සාක්ෂිකරුවන් වෙමින් වාර්ෂිකව පවත්වන සමුළුවට අන්තර්ජාලය ඔස්සේ සජීවී ව සම්බන්ධ වනු ඇත. මේ වසරේ පවත්වන සමුළුවේ තේමාව, “සාමය වෙනුවෙන් වෙහෙසෙමු” යන්නයි.

ලෝක සාමය වෙනුවෙන් කටයුතු කරන jw.org  සංවිධානය කොන්දේසි විරහිත ප්‍රේමය සහ කරුණාව පෙර දැරි කර ගනිමින් කටයුතු කරන අතර යුද්ධයක් පවතින යුක්‍රේනය සහ රුසියාව වැනි ප්‍රදේශ ඇතුළුව ලොව වටා විශාල පිරිසක් ප්‍රෙමයේ පණිවිඩය සමගින් මෙම ජාත්‍යන්තර සමුළුව හා එක් වෙනු ඇති බව jw.org සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නලීන් වනිගසේකර මහතා පැවසීය.  ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ‘’ මේ සමුළුවේදී පැහැදිලි කරන වැදගත් ප්‍රතිපත්ති හේතුවෙන් අවිවාහක, විවාහක, බාල මහලු යන හැමෝටම ජාතිවාදී හැඟීම්, භාෂා නිසා ඇති වන භේද වගේ දේවල් පැත්තකින් තියලා සමගියෙන් කටයුතු කරන්න පුළුවන් වෙනවා.”

 “පවුලේ අය සමග,, රැකියා ස්ථානයේදී වගේම සමාජය තුළ කටයුතු කරද්දී සාමය ආරක්ෂා කරන්නේ කොහොමද කියලා  ඉගෙනගන්න අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා. මේ දුෂ්කර කාලය තුළ මනසේ සාමය රැකගන්න, මේ සමුළුවෙන් ඉගෙනගන්න සංකල්ප අපිට උදව් වෙයි කියලා අපිට ස්ථීරයි.”

jw.org සංවිධානය ලොව පැරණිම ආගමික හා සමාජීය සංවිධානයක් ලෙස අවුරුදු 100කට වඩා වැඩි කාලයක් පුරා ලොව වටා සමුළු පවත්වා ඇති අතර පහුගිය දෙවසරේ මෙන්ම මේ වසරේදී ද ගෝලීය සමුළුව කොටස් වශයෙන් ජූලි සහ අගෝස්තු මාසවලදී jw.org වෙබ් අඩවිය හරහා නැරඹීමේ අවස්ථාව ලබා දී ඇත. වැඩසටහනේ පළවෙනි කොටස 2022 ජූනි 27 සිට භාගත කිරීමේ පහසුකම සාමාජිකයින් වෙත ලබා දී ඇත.

මේ වැඩසටහන jw.org JW Library යෙදවුම යටතේ ඇති Video කාණ්ඩයේ සහ JW පහසුකම ඔස්සේ ද නොමිලේ නැරඹිය හැක.

මෙම තුන්දින සමුළුව, දිනකට කොටස් දෙකක් බැගින් කොටස් හයකට ලෙස වෙන් කර ඇති අතර පහත සඳහන් විෂයන් එහිදි සාකච්ඡා කෙරේ.

  • මනසේ සාමය ඇතුව අන් අය සමග අය සමග සාමයෙන් සහ ආදරයෙන් සිටින්නේ කෙසේද
  • පවුලේ සාමය රැකගන්න විවාහක යුවළයන්ට, දෙමාපියන්ට සහ දරුවන්ට බයිබල් මග පෙන්වීම් උදව් වන්නේ කෙසේද.
  • කායික රෝග, ආර්ථික ප්‍රශ්න, ස්වාභාවික විපත් වගේ දේවලින් බැට කද්දීත් දිගටම මනසේ සාමය ඇතුව ඉන්න පුළුවන් විදිහ.
  • මනසේ සාමය දිගටම රැකගන්න ලෝකයේ ඇතැම් දෙනා සිදු කරන්නේ කුමක්ද

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments