Sunday, October 1, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකහච් "ස්මාර්ට් සැන්ඩි” ඇප් සමඟ ඉහළම ඩිජිටල් වෙළෙඳ අත්දැකීමක්

හච් “ස්මාර්ට් සැන්ඩි” ඇප් සමඟ ඉහළම ඩිජිටල් වෙළෙඳ අත්දැකීමක්

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, සාම්ප්‍රදායික සිල්ලර වෙළඳාම, ඩිජිටල් සිල්ලර වෙළඳාමේ නවමු මානයකට රැගෙන යමින් වැඩිදියුණු කරන ලද “ස්මාර්ට් සැන්ඩි” ඇප් පසුගියදා හඳුන්වාදෙන ලදී.

මෙම නවතම යෙදුම සමඟ, හච් වෙළෙඳ මහතුන් හට නව සිම්පත් අලෙවි කිරීම සඳහා, ඡායා පිටපත් යන්ත්‍ර හෝ ස්කෑනර් වැනි මිල අධික උපාංගවල ආයෝජනය කිරීම අවශ්‍ය නොවේ. තවද හච් වෙළෙඳ මහතුන් හට ඉලෙක්ට්‍රොනික රීචාර්ජ් කිරීම් සඳහා මිල අධික යන්ත්‍රවල ආයෝජනය කිරීමට හෝ භෞතික ටොප්-අප් කාඩ්පත් තොගයක් තුළ සිය මුදල් ආයෝජනය කිරීමද අවශ්‍ය නොවන අතර ඒ සියලු මිලදීගැනීම් එක් විශ්වීය ඩිජිටල් මුදල් පසුම්බියක් හරහා සිදුකරමින් ඩිජිටල්කරණය කරන ලද නිෂ්පාදන අලෙවි කිරීම සිදුකළ හැක.

විශේෂයෙන්ම ස්මාර්ට් සැන්ඩි ඇප් මඟින් වර්තමාන අභියෝගාත්මක පරිසරය තුළ, වෙළෙඳ මහතුන්ට සිය මෙහෙයුම් දුෂ්කරතා මගහරවා ගැනීමට සහ හච් පාරිභෝගිකයින් වෙත නවෝත්පාදන සේවාවන් රැසක් ලබාදීමේ අවකාශය උදා වී ඇත.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ මෙවැන්නකි. “අපගේ වෙළෙඳ මහතුන්ගේ සහ වෙළඳ ජාලයේ වර්ධනය සඳහා අපි කැපවී සිටිමු. අපගේ වෙළඳ මහතුන්ට, ඩිජිටල් වෙළඳාමේ නව යුගයට ප්‍රවේශ වීමට අවශ්‍ය මග පෙන්වීම ලබාදීම සඳහා විප්ලවීය හච් “ස්මාර්ට් සැන්ඩි” ඇප් හඳුන්වාදීමට හැකිවීම ගැන අපි සතුටු වෙමු. මෙමඟින් අපගේ වෙළඳ මහතුන්ට කාර්යන් පහසුවෙන් කරගත හැකිවන අතර පුළුල් ආදායම් මාර්ගයක්, අඩු ආයෝජනයක්, වඩා හොඳ මුදල් ප්‍රවාහයක් සහ සම්පූර්ණ විනිවිදභාවයක් ලබා දෙනු ඇත. බොහෝ කුඩා ව්‍යාපාරවලට ඔවුන්ගේ ආදායම් පුළුල් කිරීමට සහ ඊට සමගාමීව අපගේ ගනුදෙනුකරුවන්ට සේවා ප්‍රවේශය වැඩි කිරීමට හැකියාව ලබා දීමට මෙමඟින් පහසුකම් සලසයි.”

හච් “ස්මාර්ට් සැන්ඩි” ඇප් පුළුල් පරාසයක ඇන්ඩ්‍රොයිඩ් වේදිකාවක් මත ඕනෑම වෙළඳ ස්ථානයකට ගැළපෙන ලෙස සංවර්ධනය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments