Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකHNB FINANCE PLC හි 12වන වාර්ෂික මහසභා රැස්වීම දෙමුහුන් රැස්වීමක් ලෙස මෙවරත්

HNB FINANCE PLC හි 12වන වාර්ෂික මහසභා රැස්වීම දෙමුහුන් රැස්වීමක් ලෙස මෙවරත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය 12වන වාර්ෂික මහ සභා රැස්වීම මෙවරත් දෙමුහුන් රැස්වීමක් ලෙසට පවත්වනු ලැබීය. ඡූලි 26වන දින නාවල ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයෙහි පැවති මෙම රැස්වීම සඳහා HNB FINANCE PLC හි සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්, ඉදිරි පෙල කළමනාකාරීත්ව, විගණන සමාජිකයින්, නීති උපදේශකවරු,සහ සමාගම් ලේකම් සහභාගී වූ අතර පසුගිය වසර දෙකෙහිම සිදු වූ පරිදි සමාගමේ සෙසු කොටස් හිමියන් සජීව ලෙසින් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය.

කෝවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා තිබූ මාර්ගෝපදේශයන් මේ වන විට ලිහිල් කර තිබුණ ද HNB FINANCE PLC හි 12වන මහ සභා රැස්වීම සඳහා ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයට පැමිණි පිරිසගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වමින් ප්‍රශස්ත සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට අනුව සිය 12වන මහා සභා රැස්වීම පැවැත්වීමට HNB FINANCE සමාගම කටයුතු කරන ලදි.

HNB FINANCE මහසභා රැස්වීම සඳහා අන්තර්ජාලයෙන් සහ ප්‍රධාන කාර්යාලයේදී සහභාගී සියලු දෙනාට න්‍යාය පත්‍රයේ කටයුතු සඳහා සිය දායකත්වය දැක්වීමට සහ ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර ඡන්ද විමසීම් වල ප්‍රතිඵල සහ කොටස් හිමියන්ගේ යෝජනා සම්මතයන් නිසි පරිදි අන්තර්ජාල තිරය ඔස්සේ දැකගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.

න්‍යාය පත්‍රයෙහි ප්‍රධාන කරුණුවලට අමතරව කොටස් හිමියන් සහ එම අවස්ථාවට සහභාගීවූවන් විසින් නැගූ ප්‍රශ්න සඳහා HNB FINANCE PLC හි සභාපති ඩිල්ශාන් රොඩ්රිගෝ සහ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් යන මහත්වරැන් විසින් පිළිතුරු ලබා දෙන ලදි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments