පුරෝගාමී සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන නවලෝක රෝහල් සමූහය මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් රෝගීන්ගේ යහපැවැත්මට ඇති වන බලපෑම අවම කිරීමේ උත්සාහයක් ලෙස OPD රෝගීන් නිවසේ සිට රෝහලට සහ නැවතත් නිවසට ප‍්‍රවාහනය කිරීම සඳහා කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ වල නොමිලේ ප‍්‍රවාහන සේවාවක් දියත් කරන බව මෑතකදී නිවේදනය කළේය.

මේ වන විට ප‍්‍රවාහනයේ දී පවතින අභියෝග නිසා මෙන්ම රට තුළ COVID රෝගීන්ගේ වැඩිවීම හේතුවෙන් බොහෝ රෝගීන්ට තම සෞඛ්‍ය අවශ්‍යතා සඳහා යාමට අපහසු තත්වයක් උදා වී ඇත. මෙවැනි අවස්ථාවක මෙම මුලපිරීම ඉතාම කාලෝචිත වෙයි. තවද දිවයින පුරා සිටින ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත වීමට අවශ්‍ය රෝගීන්ට ගිලන්රථ සේවාවක් ද නොමිලේ ලබාදීමට නවලෝක රෝහල් සමූහය කටයුතු කරයි.
”රටේ පවතින ආර්ථික අර්බුදය නිසා රෝගීන්ට සහ සෞඛ්‍ය සේවකයින්ට දැඩි බලපෑමක් එල්ල වෙලා තියනවා. මෙම තත්වය මත බොහෝ දෙනෙක් වෛද්‍ය හමුවීම්වලට හෝ රෝහල් ගත වීමට අකමැත්තක් දක්වනවා.
නමුත් අන් සියලූදේට වඩා තමන්ගේ සෞඛ්‍යට මුල් තැනක් දෙන්න අවශ්‍යයි. මෙම සේවාව රෝගීන්ට අවශ්‍ය ප‍්‍රතිකාර නියමිත වේලාවට මෙන්ම හැකි උපරිමයෙන් ලබා ගැනීම සහතික කිරීම සඳහා ක‍්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්.”
”සෑම විටම රෝගීන්ට මුල් තැන දෙන, වගකිව යුතු පුද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස නවලෝක රෝහල් සමූහය මෙම අභියෝගාත්මක තත්වයට ශක්තිමත්ව මුහුණ දෙමින් රෝගීන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා කි‍්‍රයාමාර්ග රැසක් ගෙන තියෙනවා. මාර්ගගත වෛද්‍ය උපදේශනවල සිට වෛද්‍ය වාර්තා බෙදා හැරීම දක්වා අපි අපගේ වගකීම අකුරටම ඉටු කරනවා. මේ දුෂ්කර කාලපරිච්ඡ්දයේ දී අපගේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ගැන සලකා බලා හැකි උපරිමයෙන් ඔවුන්ට සහනයක් වෙමින් ඔවුන් සමඟම රැදී සිටීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් නවලෝක රෝහල් සමූහයේ අලෙවි ප‍්‍රධානී රසික තිලකරත්න මහතා ප‍්‍රකාශ කළේය.
පුද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ පුරෝගාමියෙකු ලෙස නවලෝක රෝහල් සමූහය දශක තුනකට අධික කාලයක් තිස්සේ රෝගීන්ට උසස් තත්වයේ සහ දැරිය හැකි මිලකට සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ ප‍්‍රමුඛයා වේ. රට තුළ ඇති වූ මෙම දුෂ්කර වාතාවරණය ආරම්භයේ සිටම රෝහල් සමූහය රෝගීන්ට සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ ක‍්‍රියාවලිය පහසු කිරීම සඳහා විවිධ වැඩසටහන් දියත් කළේය.
රෝගීන් දැනටමත් වීඩියෝ ඇමතුමකින් හෝ දුරකථන ඇමතුමකින් විවිධ රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගැනීමේ පහසුකම භුක්ති විදිමින් සිටියි. ඔවුන්ට ඔවුන්ගේ ඩිජිටල් හෝ භෞතික හමුවීම් යන දෙකම අන්තර්ජාලය හරහා තෝරා ගැනීමට, වෙන්කරවා ගැනීමට සහ මුදල් ගෙවීමට හැකියාව ඇත. MRI” CT” Ultrasound, රුධිර පරීක්ෂණ වාර්තා සහ රෝග විනිශ්චය වාර්තා මෙන්ම බෙහෙත් වට්ටෝරු ද ඔවුන්ගේ නිවෙස් වෙතටම ගෙන්වා ගත හැකිය. එමෙන්ම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු ලබා ගැනීමේ දී QR කේතයක් භාවිතා කළ හැකි පරිදි ඩිජිටල් වේදිකාවක් හදුන්වා දී තිබේ. ඒ හරහා රෝහල් ඖෂධ හලේ දැනට පවතින බෙහෙත්, බෙහෙත් මිල ගණන් සහ ඊට පවතින ආදේශක බෙහෙත් ආදිය පරීක්ෂා කර ගත හැකි වීම විශේෂත්වයකි.
රෝහල් ගත කිරීමකදී රෝගීන්ට දිගු වේලාවක් දොරටුව ලඟ ගත කිරීමට සිදු නොවන අතර ඔවුන්ට WhatsApp හරහා අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කර අවම කාලයකින් රෝහලට ඇතුළත් විය හැකිය. තවද රෝගියා රෝහල් ගත කිරීමෙන් පසු තම ආදරණීයන්ට රෝගියා රෝහලෙන් පිට වෙන තුරු හෝ ප‍්‍රවාහන පහසුකම පැමිණෙන තුරු රෝහලේ ඇති ෆැමිලි රූම් හි රැුදීසිටිය හැකි වීම සුවිශේෂී වරප‍්‍රසාදයකි.