Thursday, December 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකBinance Charity සංවිධානය ශ්‍රී ලංකාවේ පවුල් 1,000ක පෝෂණ අවශ්‍යතා සැපිරීම සඳහා මෙරට...

Binance Charity සංවිධානය ශ්‍රී ලංකාවේ පවුල් 1,000ක පෝෂණ අවශ්‍යතා සැපිරීම සඳහා මෙරට Binance Angel සමඟ එක්වෙයි

ක්‍රිප්ටෝ වෙළෙඳපොළ ප්‍රමුඛයෙකු (Block Chain) වන Binance Charity සංවිධානය, දේශීය ‘Binance Angel’ හා අත්වැල් බැඳගනිමින්, වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වී සිටින, මහනුවර දිස්ත්‍රික්කයේ නගර 3 ක ගම්මාන 30 ක පවුල් 1000 කට අධික සංඛ්‍යාවකට සහල්, සීනි, කරවල, පරිප්පු සහ නූඩ්ල්ස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කටයුතු කළ අතර, එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වටිනාකම ඇමරිකානු ඩොලර් ස්ථායී කොයින් (BUSD) 20,000 කි.

මෙහි දී Binance සංවිධානයේ විධායක නියෝජ්‍ය සභාපතිනිය / Binance පුණ්‍යායතනයේ ප්‍රධානී හෙලන් හයි මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ “ශ්‍රී ලංකාවේ ජනතාව කොවිඩ් වසංගත තත්ත්වය, සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම සහ වර්තමාන ආර්ථික අර්බුදය යනා දී ගැටලුකාරී අවස්ථා සමඟ දුෂ්කර වසර කිහිපයක් ගෙවා දමමින් සිටිනවා. ඔවුන් වෙත මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාර්ථකව බෙදා දීම සඳහා ශ්‍රී ලංකාවේ Binance Angel ඉෂාර සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ බව සිහිපත් කළ යුතුයි. ලෝකය තුළ මිනිසා පෝෂණය කිරීමට අවශ්‍ය ආහාර ඇති තරම් තිබිය දී, වර්තමානයේ ද ජනතාව  කුසගින්නේ සිටීම කණගාටුවට කරුණක්.  අපි මේ ලෝකය තුළ කුසගින්න නිමා කිරීම වෙනුවෙන් කැප විය යුතුයි.” යනුවෙනි.

Binance Angel, ඉතා හොඳ ක්‍රිප්ටෝ අත්දැකීමක් ගොඩනැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක, ක්‍රියාකාරී සහ උද්‍යෝගිමත් ගෝලීය ජාලයක සාමාජිකත්වයකි.  ශ්‍රී ලංකාව තුළ  ක්‍රියාකාරී ක්‍රිප්ටෝ භාවිතා කරන්නන් 300,000 ක් පමණ සිටින අතර, වර්තමාන අර්බුදකාරී තත්ත්වය යටතේ මෙරට අවදානමට ලක් වී සිටින ජන කොටස් අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන Binance Angel විසින් කටයුතු කෙරිණි.

ශ්‍රී ලාංකාව නියෝජනය කරන Binance Angel ඉෂාර අබේසිංහ මහතා පැවසුවේ, ” බයිනෑන්ස් ඒන්ජල් වරයෙකු විදියට ක්‍රිප්ටෝ ප්‍රජාව ගොඩනැංවීම වගේ ම  මා නියෝජනය කරන ජනතාවට සහාය දැක්වීමත් මට පැවරී ඇති වගකීමක් විදියට මම දකිනවා. මෙම ව්‍යාපෘතියේ දී මට සහාය වීමට Binance Charity සමාගම ඉදිරිපත් වීම ගැන මම අතිශය සතුටට පත් වෙනවා. මෙම ව්‍යාපෘතිය වර්තමාන ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා දැවැන්ත පියවරක් වනු නොඅනුමානයි.”

කුඩා දරුවන්, තනිකඩ මව්වරුන්, ගර්භනී කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් සහ වැඩිහිටියන් සහිත පවුල් විශාල සංඛ්‍යාවක් ද මෙම  පරිත්‍යාග ලැබූ පවුල් අතර වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කළ මෙම පරිත්‍යාගය Binance Charity සංවිධානය නයිජීරියාව, මොරොක්කෝව සහ ප්‍රංශය යන රටවල ක්‍රියාත්මක කළ Fight Hunger Worldwide ව්‍යාපෘතියේ දිගුවකි. මෙම ව්‍යාපෘතිය මගින් අද වන විට COVID-19 වසංගතයෙන් පීඩාවට පත්  පුද්ගලයින් 20,000 කට පමණ ආහාර සැපයීම සඳහා ඩොලර් 100,000 කට වඩා වැඩි මුදලක් වැය කර ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර  media@binance.charity ඔස්සේ සම්බන්ධ වන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments