Tuesday, October 3, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකරත්තරන් ණය දෙන ඉස්තරම් තැනින් තවත් රන් ණය පෙරළියක්

රත්තරන් ණය දෙන ඉස්තරම් තැනින් තවත් රන් ණය පෙරළියක්

සෑම විටම සිය පාරිභෝගිකයන් වෙනුවෙන් වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මුල්‍ය සේවා සපයන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) සිය ප්‍රමුඛතම මූල්‍ය සේවාවක් වන ‘CDB රන් ණය’ සේවාව නව මුහුණුවරකින් වෙළෙඳපොළට නිකුත් කර තිබේ. ඒ අනුව, පවතින ආර්ථික තත්ත්වය හමුවේ විවිධ අසීරුතාවයන්ට මුහුණ දෙන ජනතාව වෙනුවෙන් සහනයක් වෙමින්, ‘CDB රන් ණය’ නව විශේෂාංග රැසක් සමඟින් වැඩිදියුණු කරන ලද සේවාවක් ලෙස පාරිභෝගිකයන් වෙත හඳුන්වා දී ඇත.

රන් ණය ක්ෂේත්‍රයේ නවමු පෙරළියක් සිදු කරමින් ‘රත්තරන් ණය දෙන ඉස්තරම් තැන’ වන CDB, රන් ණය ලබාගත් දිනයේ සිට පළමු මාසයේ පොළිය මාසයෙන් භාගයකට අය නොකරමින් සිය පාරිභෝගිකයන් වෙත විශේෂ සහනයක් සලසා දී තිබේ. ඒ අනුව, රන් භාණ්ඩ උකස් කළ දිනයේ සිට දින පහළොවක් ඇතුළත එම භාණ්ඩ නිදහස් කරගන්නා පාරිභෝගිකයන් වෙත කිසිඳු පොළී මුදලක් අය කරනු නොලැබේ. එසේම, ‘CDB රන් ණය’ සේවාව වෙත යොමු වෙන පාරිභෝගිකයන් හට හිමිවන තවත් ප්‍රතිලාභයක් වන්නේ CDB වෙතින් රන්පවුමකට ලබාදෙන ඉහළම අත්තිකාරම් මුදලයි. ඒ අනුව, රන් පවුමකට රුපියල් 165,000/= ක ආකර්ෂණීය අත්තිකාරම් මුදලක් ලබා දීමට CDB සමාගම පියවර ගෙන තිබේ. තවද, ‘CDB රන් ණය’ සේවා සඳහා මාසිකව අවම ආරම්භක පොළී අනුපාතයක් අය කරන අතර එය ‘CDB රන් ණය’ පාරිභෝගිකයන්ට සහන සැලසෙන පරිදි සකස් කර ඇත.  එසේම, වඩාත් කාර්යක්ෂම සේවයක් උදෙසා සතියේ දිනවල පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වාත් සෙනසුරාදා දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වාත් CDB ශාඛා ජාලය මෙම සේවාව ලබා දීම සඳහා විවෘත ව පවතී.

මේ පිළිබඳ අදහස් දැක්වූ CDB සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, රන් ණය අළෙවි ප්‍රසාද් රණසිංහ – මහතා කියා සිටියේ CDB සමාගම තම පාරිභෝගික භවතුන් ගේ අවශ්‍යතාවයන් හඳුනා ගෙන ඊට සරිලන මුල්‍ය විසඳුම් සැපයීමට නිරතුරුව කැප වී සිටින බවයි. “CDB රන් ණය සේවා ලබා ගැනීමට අපගේ ශාඛා වෙත පැමිණෙන ගනුදෙනුකාර භවතුන් වෙත උපරිම විශ්වාසය සහ ආරක්ෂාව සහිත සේවාවක් ලබාදීමට අපි කටයුතු යොදා තිබෙනවා. විශේෂයෙන් කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවාසයිකයින්, ව්‍යාපාරිකයන් මෙන්ම ස්වයං රැකියාවල නියුතු කාන්තාවන් වැනි විවිධ ස්තර වල සිටින අපගේ පාරිභෝගිකයන්ගේ සිතැඟි හඳුනා ගනිමින් ඔවුන්ගේ නොයෙක් අකාරයේ මුල්‍ය අවශ්‍යතා සඳහා CDB රන් ණය හරහා කඩිනම් සේවාවක් ලබා දීමට අප කැප වී සිටිනවා. ඉහළ අත්තිකාරම් මුදල සහ අවම පොළී අනුපාතයන් මෙන්ම විශ්වාසනීය සේවා ප්‍රමිතීන් නිසාම ‘CDB රන් ණය’ සේවාව පාරිභෝගිකයන්ගේ නොමද ආකර්ෂණය දිනා ගෙන තිබෙනවා,” යනුවෙනි.

‘CDB රන් ණය’ පහසුමක් ලබාගැනීමට CDB ශාඛා වෙත පැමිණෙන පාරිභෝගිකයන් හට විනාඩි තුනක් වැනි කෙටි කාලයක් තුළදී තම සේවා සපුරා ගත හැකි වන අතර එම ගනුදෙනුවේ රහස්‍ය භාවය සහ විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා CDB සමාගම විසින් රන් ණය සේවා සඳහාම වෙන්වූ විශේෂ සේවා කාමරයක් (VIP Room) වෙන් කොට තිබේ. ඒ අනුව පාරිභෝගිකයන්ට කිසිඳු අපහසුතාවයකින් තොරව තම රන් ණය ගනුදෙනු සිදු කිරීමටත් එම ගනුදෙනුවල පූර්ණ රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමටත් හැකි වේ.  තවද, රන් ණය සේවා වෙනුවෙන් ම වෙන්වූ කාර්යක්ෂම කාර්යමණ්ඩලයක සහාය පාරිභෝගිකයන් වෙත නොමදව හිමිවේ.  එමගින්, සුහද සහ ආචාරශීලී සේවාවක් ලබාදීමට සමාගම කටයුතු කරන අතරම රන් භාණ්ඩ පරීක්ෂා කිරීමේදී එම භාණ්ඩ වලට කිසිඳු හානියක් නොවන බවටත් සහ ආරක්ෂිතව ගබඩා කිරීමේ පූර්ණ වගකීමත් සමාගම විසින් දරනු ලබයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://www.cdb.lk/products/cdb-gold-loans/  වෙබ් අඩවියෙන් සහ 0117 121111 අංකයට මිස් කෝල් එකක් ලබා දීමෙන් මෙන්ම CDB ශාඛා වලින්ද ලබාගත හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments