Tuesday, October 3, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකරොසෙල් හි 75වන සංකල්ප ප්‍රදර්ශනාගාරය කල්මුණේ දී විවෘත වූ වගයි

රොසෙල් හි 75වන සංකල්ප ප්‍රදර්ශනාගාරය කල්මුණේ දී විවෘත වූ වගයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සුන්දර වෙරළ තීරයන්ගෙන් සමන්විත නැගෙනහිර පළාතේ අසිරියට තවත් වටිනාකම් එකතු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය කල්මුණේ දී විවෘත කෙරිණි. විවිධ සංකල්පයන් ගෙන් සමන්විත ටයිල්, බාත්වෙයා සහ උපාංග ප්‍රදර්ශනය කරමින් සාම්ප්‍රදායික ටයිල් සහ බාත්වෙයා අත්දැකීම නව මට්ටමකට ගෙන ඒම අරමුණු කරන මෙම නවතම සංකල්ප මන්දිරය රොසෙල් හි 75 වන ප්‍රදර්ශනාගාරය ද වේ.

පුළුල් දීප ව්‍යාප්ත ප්‍රදර්ශනාගාර සහ ලොව පුරා විසිරුණු  අලෙවි ජාලයක සහය ඇතිව, රොසෙල් විසින්, අග්‍රගණ්‍ය නිමාවෙන් යුත් උසස් තත්ත්වයේ  ටයිල් සහ බාත්වෙයා උපාංග රැසක් දේශීය සහ විදේශීය වෙළඳ පොළ වෙත ඉදිරිපත් කර ඇත.

වර්ග අඩි 4780 ක ප්‍රදේශයක විහිදුනු මෙම අද්විතීය සංකල්ප මන්දිරය, 128A, ප්‍රධාන වීදිය, කල්මුණේ-12 ලිපිනයේ පිහිටා ඇත. එය 700කට අධික විවිධ සංකල්පයන් ගෙන් සමන්විත ටයිල් සහ 150කට අධික බාත්වෙයා උපාංග  ප්‍රදර්ශනය කරමින් සාම්ප්‍රදායික ටයිල් සහ බාත්වෙයා අත්දැකීම් නව මට්ටමකට ගෙන ඒමට අරමුණු කරයි. සුවිශේෂී ජීවන ඉඩහසර තුළ විශිෂ්ට නිර්මාණාත්මක ටයිල් සහ බාත්වෙයා  උපාංග ප්‍රදර්ශනය කෙරෙන්නා වූ මෙම නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය වෙත පැමිණ නව අත්දැකීමක අසිරිය විද ගන්නා මෙන් රොසෙල් සිය පාරිභෝගිකයන් හට ඇරයුම් කරයි.

රොසෙල් 1990 දී සිය ව්‍යාපාර ගමන ආරම්භ කරන ලද්දේ  සුන්දර ජීවන අවකාශයන් සිය පාරිභෝගිකයින් වෙත නිර්මාණය කිරීමේ අරමුණින් ය.  ශ්‍රී ලාංකීය නාමය ගෝලීය තලයට රැගෙන යන රොසෙල්, සෑම නිෂ්පාදනයක්ම ඉතා සැලසුම්ගතව, ඉහළ ගුණාත්මකභවින්, නවෝත්පාදනය සංකලනය කරමින් පාරිභෝගිකයාට ඉහළම තෘප්තියක් ලබා දෙන ආකාරයට නිපදවනු ලබයි. මෙම නව සංකල්ප ප්‍රදර්ශනාගාරය හරහා උසස් තත්ත්වය, තාක්ෂණය සහ නිර්මාණාත්මක බව හා බැදුනු රොසෙල් හි හැකියාවන් සහ ක්‍රියාකාරීත්වය මනාව විදහා දැක්වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments