Wednesday, November 29, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකභාණ්ඩ ගබඩා කිරීම සහ ප්‍ර‍වාහනය පහසු කරන කර්මාන්ත ක්ෂේත්‍ර‍ය සඳහාම නිර්මාණය වුණු...

භාණ්ඩ ගබඩා කිරීම සහ ප්‍ර‍වාහනය පහසු කරන කර්මාන්ත ක්ෂේත්‍ර‍ය සඳහාම නිර්මාණය වුණු ෆීනික්ස් 2022 නව ඇසුරුම් පහසුකම් (පෙට්ටි සහ Pallet) හඳුන්වාදෙයි.

විවිධ වූ ක්ෂේත්‍ර‍ නියෝජනය කරන පාරිභෝගිකයින් විශාල පිරිසකට සිය සේවාව සපයන ෆීනික්ස්, බඩු භාණ්ඩ ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව හැසිරවීමේ අරමුණ පෙරදැරිව නිෂ්පාදනය කරන ලද නව ඇසුරුම් පහසුකම් පෙට්ටි සහ Pallet වෙළදපොළට හදුන්වාදී තිබේ. ෆීනික්ස් නව ඇසුරුම් පහසුකම් පෙට්ටි සහ Pallet, ඔබේ එදිනෙදා කටයුතු බුද්ධිමත්ව, ප්‍රායෝගිකව සහ ඉතා පහසු ආකාරයෙන් ඉටු කරගැනීමට කදිම පිළියමකි.

පාරිභෝගිකයින්ට ලබාගත හැකි නිෂ්පාදන සියල්ලක්ම අන්තර්ගත 2022 ඇසුරුම් පෙට්ටි සහ Pallet පිළිබඳ විස්තර අන්තර්ගත නාමාවලිය (2022 Crates and Pallets catalogue) සමාගම විසින් එළිදක්වා තිබේ. මෙම නිෂ්පාදන පෙළ කෘෂිකර්ම සහ පශු සම්පත් කර්මාන්තය, ආහාර පාන සහ සමුදුර ආශ්‍රිත කර්මාන්ත ඇතුළු විවිධ වූ වෘත්තීය කටයුතුවලදී ගබඩා කිරීම සහ ප්‍ර‍වාහන කටයුතු සඳහා පුළුල් වශයෙන් යොදා ගැනේ.

පාරිභෝගිකයාගේ අවශ්‍යතා වෙනුවෙන්ම නිර්මාණය වුණු, අතරමැදියන් නොමැතිව තිරසර සහ චක්‍රීයවිසදුම් ලබාදෙන නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා ෆීනික්ස් ආයතනය සිය පාරිභෝගිකයින් සමග සහයෝගයෙන් කටයුතු කරයි. වසර 12ක චක්‍රීය ආර්ථික වපසරියක අත්දැකීම් සමගින් ෆීනිස්ක්, භාවිතයෙන් ඉවතලන සහ කැඩුණු Pallet සිය පාරිභෝගිකයින් වෙතින් ලබාගෙන, පසුව ඒවා ප්‍ර‍තිචක්‍රීකරණය කර නව නිෂ්පාදන සඳහා යොදාගනී.

ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකුගේ විශ්වාසය දිනාගත් ගෘහ උපකරණ වෙළද නාමයක් වශයෙන් ෆීනික්ස් වසර 43ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන අතර Designed for Life යන තේමාව සමගින් හදුන්වාදී ඇති මෙම නිෂ්පාදන ඔබේ එදිනෙදා ජීවන කටයුතු ඉතා පහසු කරයි.

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments