Huawei Cloud විසින් ‘Huawei Intelligent Finance Summit 2022’ මූල්‍ය සමුළුවේදී සාම්ප්‍රදායික හා නව ඩිජිටල් බැංකුසේවාවන් කඩිනම්කිරීම වෙනුවෙන් නවත ම ඩිජිටල් සේවාවන් සහිත සිය ‘Cloud Native Core Banking’විසඳුම හඳුන්වා දීමට කටයුතු කෙරිණි.එහි දී මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ඩිජිටල් පරිවර්තන ප්‍රවණතා තුනක්හඳුන්වා දීම සිදු කෙරුණු අතර,එම ප්‍රවණතාවන්ට අනුව පළමුවපියවරේ දී සියලු Cloudසේවාවලින්(මූල්‍ය සංවිධාන පර්යන්ත පද්ධති වලින්) ආරම්භ වී, පසුව මූලික පද්ධතිවලින් Cloudසේවා වෙත සංක්‍රමණය වීම සිදු කෙරෙයි.එහි දෙවනපියවරේ දී විශාල ප්‍රමාණයේ දත්ත සහ AI අභිසාරීත්වය, උපරිම වටිනාකමක් සඳහා වත්කම් ලෙස දත්ත උත්තෝලනය (ගාමක බලය)කිරීමට නව ක්‍රියාවලියක් ආරම්භ කරයි. තෙවනුව, අත්දැකීම්කේන්ද්‍රීය, මූල්‍ය සේවාවක් නිර්මාණය කිරීම සඳහා භෞතික හා අන්තර්ජාලය ඔස්සේ ඒකාබද්ධ සබඳතාවක්නිර්මාණය කරයි.
Huawei Cloud Marketing සමාගමේ සභාපති විලියම් ඩොන්ග් මහතාසිය ප්‍රධාන දේශනයේදීප්‍රකාශ කළේ, “අදවන විට ගෝලීය මූල්‍ය ආයතන සියල්ලක් මගැඹුරු ඩිජිටල් පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටිනවා. මෙම ප්‍රවණතාව මූල්‍ය සමාගම්වලට ඉදිරි පියවරක් තැබීමට වගේ ම පෙරමුණ ගැනීමටත් ඉතා හොඳ අවස්ථා නිර්මාණය කරනවා.විවිධාංගීකරණය වූ එම සියලු අවස්ථාවලට සෑම කෙනෙකුටමඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකියි. Huawei Cloud මෙම ප්‍රවණතා ත්‍රිත්වය මගින් ස්මාර්ට් මූල්‍ය සේවාවක් ගොඩනඟා ගැනීමට අපගේ හවුල්කරුවන්ට නිරන්තර සහයෝගය ලබා දෙනවා.”යනුවෙනි.
Huawei Cloud වෙත යොමු වීCloud Native වෙතින් ලබා දෙන සුවිශේෂී සේවාවන් අත්විඳින්න
මෙම සමුළුවේදී, Huawei Cloud විසින් බැංකු සඳහාසාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට යමින්, නව ඩිජිටල් පද්ධති ගොඩනැගීම හා ඩිජිටල් බැංකුසේවා බලගැන්වීම සඳහා ස්ථාවර දේශීය Cloudසේවාවක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ‘Cloud Native Core Banking’ විසඳුම හඳුන්වා දීම සිදු කෙරිණි. Cloud Native Core Banking ප්‍රධාන සේවා තුනකින් සමන්විත වේ. Ubiquitous Cloud Native Service (UCS)හෝ Huawei Cloud’s distributed cloud native service, GaussDB(for openGauss) distributed database සහ DevCloud software development pipelineඑම සෙවාවන් ලෙස දැක්විය හැකිය.මෙම විසඳුම් මගින් කාර්‍යක්ෂම මෙන් ම ගුණාත්මක ඩිජිටල් සේවාවක් අත්විඳීමේ හැකියාව ලබා දෙන අතර ඒ බවRPO = 0 for RTO ≤ 2 minutes යන්න මගින් පෙන්නුම් කරයි.
විශාල ප්‍රමාණයේ දත්ත හාAI අභිසාරීතාව
මූල්‍ය ක්ෂේත්‍රය යනු විශාල ප්‍රමාණයේ දත්ත සහ AI අභිසාරී කිරීමට පෙරමුණ ගන්නා ඉහළ ඩිජිටල් ව්‍යාපාරික ක්ෂේත්‍රයකි.
දත්ත අගය පූර්ණ වශයෙන් අගුළු ඇරීමටමෙන් ම ගබඩා,AI ක්‍රමවේදආදියේ අතර ඇතිවන පාලන ගැටලු විසඳීමට මෙම සේවාවසහයෝගය ලබා දෙයි.Huawei Cloud මගින් ඒකාබද්ධ දත්ත ගබඩාකරණ සහ metadata වැනි හැකියාවන් ලබා දෙන අතර, එමඟින් දත්ත පිටපතක් බහු මාධ්‍යන් අතර ඉක්මණින් සහ ස්ථාවර ලෙස මාරු කිරීමේ හැකියාව ද පවතී. Industrial and Commercial Bank of China (ICBC) මෙම සේවාව යොදා ගනිමින්, සාමාන්‍ය දත්ත විමසුම් කටයුතු සඳහා ඔවුන් වැය කළ පොරොත්තු කාලය මිනිත්තු 300 සිට විනාඩි 1.5 දක්වා අවම කර ගැනීමට සමත් වී ඇත.
සියලු බුද්ධිමයසබඳතා සඳහා භෞතිකසේවාවන් සහ අන්තර්ජාලසේවාවන් ඒකාබද්ධ කිරීම
මේ වසරේ ජනවාරිමාසයේ දී, චීනමහජන බැංකුව (People’s Bank of China (PBOC))විසින් 2022වසරේ සිට 2025වසර දක්වා කාල වකවානුවසඳහා ෆින්ටෙක් සංවර්ධන සැලැස්ම නිකුත් කරනු ලැබූ අතර, එය ඩිජිටල් මූල්‍යකරණයවෙත ඇතුළත් කරමින්, සමස්ත ව්‍යාපාරික සබඳතාවන් ඩිජිටල්කරණය කිරීමට උත්සාහ කරයි. මෙම ක්‍රියාවලිය සක්‍රීය කිරීම වෙනුවෙන් බහුවිධ බැංකු ආශ්‍රිත පාරිභෝගික සේවා හාඡායාරූප අනුමත කිරීම සඳහා අන්තර්ජාල සේවාවන් යොදාගැනීමට ද එම බැංකුව කටයුතු කරයි.
මෙම සෑම ක්‍රියාවලියක් මඟින් ම ස්මාර්ට් මූල්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා ගනුදෙනුකරුවන් හා හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍ය ම කරුණකි.
Huawei Cloud විසින් බැංකු, රක්ෂණ සමාගම්, සුරැකුම්පත් සමාගම් සහ ෆින්ටෙක් සමාගම් ඇතුළුව ලොව පුරා මූල්‍ය ගනුදෙනුකරුවන් 300කට අධික සංඛ්‍යාවකගේ ඩිජිටල් පරිවර්තන ගමන සඳහා සහයෝගය ලබා දී ඇත. අනාගතයේදී, Huawei Cloud සේවාව ලොව පුරා සිටින ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් සමඟ එක්වෙමින් ස්මාර්ට් මූල්‍යකරණයක් ගොඩනැගීමවෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙයි.