Wednesday, June 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකකළුබෝවිටියාන සමාගම අමු තේ දළු කිලෝවකට රුපියල් 432.82 ක වාර්තා ගත ඉහළ...

කළුබෝවිටියාන සමාගම අමු තේ දළු කිලෝවකට රුපියල් 432.82 ක වාර්තා ගත ඉහළ මිලක්

මේ වසරේ පළමු කාර්තුවේදී රැපියල් මිලියන 583 ක ආදායමක් සහ රුපියල් මිලියන 222ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සී/ස කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම සමත්ව තිබේ. එමෙන්ම කළුබෝවිටියාන කම්හලට ඉතා උසස් තත්ත්වයෙන් යුත් (Low-grown) CTC තේ සපයන කුඩා තේ වතු හිමියන්ට අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 432.82 ක වාර්තා ගත ඉහළ මිලක් 2022 ජූලි මස ලබා දීමට සී/ස කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමට හැකි විය.

(Low-grown) CTC තේ සඳහා මෙම මුල්‍ය වර්ෂයේදී කොළඹ පැවති තේ වෙන්දේසිවලින් අඩකට වැඩි ප්‍රමාණයක වාර්තාගත මිලක් ලබා ගනිමින් තේ කිලෝවක් රුපියල් 3,250/- ක උපරිම මිලකට විකිණීමට කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම සමත් වූ බව එහි සභාපති අමින්ද රොද්‍රිගෝ මහතා කියා සිටියේය.

කළුබෝවිටියාන සීටීසි තේ කර්මාන්තශාලාව සමාගමේ ප්‍රධානතම තේ කර්මාන්තශාලාව වශයෙන් ඉතා උසස් ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක තේ සාඩම්බර ලාංකේය නිෂ්පාදනයක් ලෙසින් වෙළඳ පොළට නිකුත් කිරීමට ඉතා කැපවීමෙන් කටයුතු කරන තම සමාගමේ කාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වර්ෂ 1992 සැප්තැම්බර් මස 30 දින රජයට අනුබද්ධිත ආයතනයක් ලෙසින් ස්ථාපිත කරන ලද සී/ස කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම යටතේ වර්තමානය වන විට ජාතික තේ නිෂ්පාදන ධාරිතාවයට සෘජු දායකත්වයක් ලබා දෙමින් තේ කර්මාන්තශාලා හතරක් පාලනය වේ. ඉන් ප්‍රධාන කර්මාන්තශාලාව වන කළුබෝවිටියාන සීටීසි තේ කර්මාන්තශාලාව විසින් මුහුදු මට්ටමේ සිට අඩි 2000 (මීටර 600) අතර උසකින් වගා කරන (Low-grown) CTC තේ වර්ගය නිපදවන අතර, අනෙකුත් කම්හල් ත්‍රිත්වය විසින් Orthodox තේ වර්ගය නිපදවීම සිදු කෙරේ. මාතර දිස්ත්‍රික්කයේ කළුබෝවිටියාන සහ දැරංගල කර්මාන්තශාලාද ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම හිල්ස් තේ කර්මාන්තශාලාවද මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්දිවෙල තේ කර්මාන්තශාලාවද පිහිටා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments