ශ්‍රී ලංකාවේ වැඩිම ඉල්ලුමක් ඇති විශ්වාසනීය wellness මධ්‍යස්ථානය වන Christell Luxury Wellness අති සාර්ථකව පවත්වන ලදි. ‘Everlasting Confidence’ නමැති සිය ප්‍රථම විවාහ මංගල්‍ය ප්‍රදර්ශනය උත්සවාකාරයෙන් සමරයි. ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත්වුණු අසමසම විවාහ මංගල්‍ය සේවා ප්‍රදර්ශනයක් වන මෙය සැප්තැම්බර් 24 හා 25 දිනවල One Galle Face MALL හි දී පවත්වන ලද අතර සෞඛ්‍යසම්පන්න හා ආශිර්වාදයෙන් පිරුණු, එමෙන්ම ජීවිත කාලය පුරාවටම වින්දනීය මතක සටහන් ඉතිරි කරන අත්දැකීමක අරුමය ඉදිරියේදී විවාහපත් වීමට සිහින දකින මනාලියන් හා මනාලයන් වෙත තිළිණ කිරීම එහි එකම අරමුණ විය.



තම ජීවිතයේ ඉතාම වැදගත් දිනය ස්මරණීය ලෙස සැමරීමට සැලසුම් කිරීම පිළිබඳව පමණක් නොව සතුටුබර විවාහ ජීවිතයක අරුමය අත්දැකීමද වෙනුවෙන් විවාහ දිවියට පිවිසීමට අපේක්‍ෂාවෙන් සිටින හා විවාහ ගිවිස ගත් යුවලවල් වෙත අනගි සහායක් ලබා දීමේ අත්දැකීම් බහුල විවාහ මංගල හා රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ ඉතාම පුරෝගාමී සේවා සම්පාදකයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම දෙදින ප්‍රදර්ශනය පැවැත්විණ.



‘Everlasting Confidence’ ප්‍රදර්ශනයේදී මනාලයා හා මනාලිය වෙනුවෙන් අති සාර්ථක උත්සව සැලසුම්කරුවන්, ඡායාරූප ශිල්පීන්, විලාසිතා නිර්මාණ ශිල්පීන්, පෝෂණවේදීන්, කේක් නිර්මාණ ශිල්පීන්, විවාහ මංගල සංවිධායක සේවාවන් ^wedding planners&” මංගල උත්සව මල් සැකසු ස්වර්ණාභරණ හා චර්ම සත්කාර ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයන් මුණගැසී උපදෙස් ලබා ගැනීමට හා ඔවුන්ගේ සේවාවන් සඳහා ලියාපදිංචි වීමට පමණක් නොව, විවාහයට පෙර මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ උපදේශන වැඩසටහන්, ශාරීරික යෝග්‍යතා සැසි, විටමින් පරීක්‍ෂණ, දන්ත විලාසිතාකරණ උපදේශකයන් සහ තවත් බොහෝ ප්‍රවීණයන්ගේ සේවා ලබා ගැනීමටද කදිම අවස්ථාවක් අනාගත මනාල මනාලියන් හට උදා කිරීමට හැකි විය. මෙම ප්‍රදර්ශනයේදී අතිශයින්ම ජනප්‍රිය වූ අවස්ථාවන් කිහිපයක් වශයෙන් Prof. රමණි සහ Dr. ශානිකා අර්සකුලරත්න යන මහත්මීන් විසින් පවත්වන ලද චර්ම හා කේෂ සත්කාර උපදේශන හා මුහුණු හැඩගැන්වීම පිළිබඳ උපදේශන වැඩසටහන සහ ෆවුසුල් හමීඩ් මහතා විසින් පවත්වන ලද මනා ලෙස හැඩ ගැන්වීම හා උත්සව ආචාර ධර්ම පිළිවෙත් පුහුණු කිරීමේ වැඩමුළුව සඳහන් කළ හැක.



The Cutting Station, Ramani Fernando Salons, Jetwing Hotels, Dhanushka Senadeera Photography, One’Dulani Photography, Dammika De Alwis Studio, Tiesh, Raja Jewellers, Buddhi Batiks, Hameedia, O:LIVE Couture, Dr.Shaamil Navaratnaraja, Lassana Flora, Heshantha Fernando, Weddings by Suranga Fernando, LOVI Ceylon ඇතුළු ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක්ද මෙම මහඟු වැඩසටහනට සහභාගී විය.




මෙම විවාහ මංගල ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ සාර්ථකත්වය හේතුවෙන් Christell Luxury Bridal ආයතනය සිය උත්සව අවස්ථා අතර සුවිශේෂි ඉඩකඩක් Everlasting Confidence වෙනුවෙන් වෙන් කිරීමට අපේක්‍ෂා කරයි.