Monday, October 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත් “සොඳුරු දිරියවන්ති' කේශ පළඳනා පරිත්‍යාග කිරීමේ ජාතික ව්‍යාපෘතියට වසරක් සපිරෙයි

 “සොඳුරු දිරියවන්ති’ කේශ පළඳනා පරිත්‍යාග කිරීමේ ජාතික ව්‍යාපෘතියට වසරක් සපිරෙයි

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගී කාන්තාවන්ගේ ස්වාභාවික කේෂ පළඳනා අවශ්‍යතාවයන් සපුරාලමින් ඔවුන්ට දිරියක් වීම සඳහා දියත් කළ ‘සොඳුරු දිරියවන්ති’ වැඩසටහනේ අති සාර්ථක වර්ෂ පූර්ණ සැමරුම පසු ගිය දා පවත්වන ලදි. මෙම වැඩසටහන හේමාස් මැනුෆැක්චරින් සමාගමෙහි ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ  ප්‍රමුඛතම හිසකෙස් සත්කාරක නිෂ්පාදනයක් වන කුමාරිකා, ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම බෙන්තොට හා  ගල්කිස්ස සිංහ සමාජ, ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යාලය හා සෞඛ්‍යය අමාත්‍යාංශය යන සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වය සහ කැපවීම් මධ්‍යයේ 2021 ඔක්තොම්බර් 05වන දින ආරම්භ කෙරිණි. පිළිකා ප්‍රතිකාරකයක් ලෙස ලබා දෙන රසායන චිකිත්සාවන් නිසා හිසකෙස් අහිමි වූ කාන්තාවන් හට පිරිපුන් කෙස් කළඹක සිහිනය සැබෑ කරමින් ඔවුන් බල ගැන්වීම සඳහා ස්වභාවික කේෂ පළඳනා පරිත්‍යාග කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 80%කට රසායනික චිකිත්සාව අවශ්‍ය වන අතර, මෙහි අතුරු ඵලයක් ලෙස හිසකෙස් සම්පූර්ණයෙන් ම ගැලවී යාම සිදුවේ. මේ නිසා  බොහෝ කාන්තාවන් කායික, මානසික හා සමාජීය පීඩනයට පත් වේ.  දිනෙන් දින වර්ධනය වන කේශ පළඳනා ඉල්ලුම සපුරාලීම මෙන් ම, හිසකෙස් අහිමි වීමෙන් පසු ඇති වන මානසික පීඩාවන් දුරු කරමින්,  ආත්ම විශ්වාසයෙන් යුතුව සමාජය සමඟ මුහු වීමට කාන්තාවන් දිරිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම සමාජ සත්කාරක ජාතික ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

හේමාස් මැනුෆැක්චරින් හි අලෙවි ප්‍රධානී, අස්මාරා මනන් මහත්මිය “ශ්‍රී ලංකාවේ කාන්තාවන් නිරන්තරයෙන් බල ගැන්වීම “කුමාරිකා” සන්නාමයේ ප්‍රධාන අරමුණක්. පිළිකා රෝගයෙන් පීඩා විඳින කාන්තාවන්ට ලබා දෙන ප්‍රතිකාර ක්‍රමවේදයන් හේතුවෙන් ඔවුන්ගේ හිසකෙස්  ගැලවී යාම ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් බව අප අවබෝධ කර ගත්තා. මේ හේතුව නිසා ඔවුන්ට ඇති වන චිත්ත පීඩාවන් දුරු කරමින්, ශක්තිමත් මනසකින් සමාජය වෙත මුහුණ දීමේ හැකියාව ලබා දීම වෙනුවෙන් හේමාස් මැනුෆැක්චරින් සමාගමෙහි කුමාරිකා සන්නාමය, ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම, බෙන්තොට හා ගල්කිස්ස සිංහ සමාජ, ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යාලය හා සෞඛ්‍යය අමාත්‍යාංශය සමඟ එක්ව  ‘සොඳුරු දිරියවන්ති’ සමාජ සත්කාරක ව්‍යාපෘතිය දියත් කළා. ඒ වගේ ම ඉදිරියේ දී මෙම වැඩසටහන දීපව්‍යප්තව ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කර තිබෙනවා.” යනුවෙන් මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්විය.

ඉන්දිරා පිළිකා භාරයේ සභාපති, වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක “පිළිකා රෝගීන් දිනෙන් දින ඉහළ යමින් සිටින අතර ඔවුන් කායික හා මානසිකව ද පීඩා විඳීම කණගාටුදායක කරුණක්. කීමෝ ප්‍රතිකාර නිසා හිසකෙස් අහිමි වීම තුළින් කාන්තාවන් තව දුරටත් අභියෝගයන්ට මුහුණ දෙන අයුරු අපි දුටුවා. මෙවන් තත්වයක් මත අනෙක් පාර්ශව සමඟ එක් වෙමින් ක්‍රියාත්මක කළ මෙම ජාතික වැඩපිළිවෙළ ඉදිරියටත් සිදු කිරීමට අපි බැඳී සිටිනවා සහ සියලු පාර්ශවයන් හට ස්තූතිවන්ත වනවා” යනුවෙන් සඳහන් කළාය.

අලුත්ගම බෙන්තොට, සිංහ සමාජයේ හිටපු දිස්ත්‍රික් සිංහාධිපතිනි, සිංහ චාන්දනී විතාන මහත්මිය “මීට වසරකට පෙර කුමාරිකා සහ ඉන්දිරා පිළිකා භාරය සමඟ මෙම ජාතික වැඩසටහනෙහි පාර්ශවකරුවෙකු වීමට සිංහ සාමාජිකයින් හැටියට අපට  හැකි වුණා. එදා සිට අද දක්වා ශ්‍රී ලංකාවේ පිළිකාවෙන් පෙළෙන කාන්තාවන් දිරි ගන්වමින් ඔවුන්ගේ සුබසෙත උදෙසා කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා. අපගේ අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව කාලීනව වටිනාකමක් ඇති මෙම වැඩසටහන අඛණ්ඩව  ඉදිරියට ගෙන යෑමට අපි අපේක්ෂා කරනවා” යනුවෙන් අදහස් දැක්විය.

මෙම වැඩසටහන මඟින් හඳුනාගත් පිළිකා රෝගී තත්වයන් මත හිසකෙස් අහිමි වූ කාන්තාවන් හට ස්වභාවික කේෂ පළඳනා සමඟ කුමාරිකා Care Pack 2,000කට අධික ප්‍රමාණයක් ගෙවුණු වසර තුළ පරිත්‍යාග කිරීමට  සොඳුරු දිරියවන්ති ව්‍යාපෘතිය සමත් වී ඇත. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ශික්ෂණ රෝහල, මහරගම අපේක්ෂා රෝහල, අනුරාධපුර, මහනුවර, බදුල්ල, කරාපිටිය, තෙලිප්පලයි, රත්නපුර, මඩකලපුව කුරුණෑගල යන මහ රෝහල්, ශික්ෂණ රෝහල් සහ පළාත් මහ රෝහල් වෙත අදියර කිහිපයක් ඔස්සේ මෙසේ කුමාරිකා Care Packs පරිත්‍යාග කිරීම  සිදු කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments