Tuesday, October 3, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම ළමා දිනය වෙනුවෙන් ' Orient Minor Savings' ඉතුරුම් ගිණුම...

ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම ළමා දිනය වෙනුවෙන් ‘ Orient Minor Savings’ ඉතුරුම් ගිණුම හඳුන්වා දෙයි

ජනශක්ති සමූහයේ සාමාජිකයෙකු මෙන් ම මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022 ළමා දිනය නිමිත්තෙන් Orient Minor Saving’ නමින් සුවිශේෂී  ඉතුරුම් ගිණුමක් හඳුන්වා දී ඇත. මෙම ගිණුම මගින් දරුවන් තුළ කුඩා කල සිට ම ඉතිරිකිරීමේ පුරුද්ද ඇති කිරීම මෙන් ම, එසේ ඉතිරියට නැඹුරු වන දරු දැරියන් වෙත ඉහළ ප්‍රතිලාභ ලබා දීම ද අරමුණු කරන අතර,  එමඟින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ද ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සහයෝගය ලබා දෙයි.

Orient Minor Savings ඉතුරුම් ගිණුම ආකර්ෂණීය පොලී අනුපාත ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා දෙන අතර, පෙර පාසල් අධ්‍යාපනයේ සිට ප්‍රතිලාභ ලබා දෙන සුවිශේෂී අධ්‍යාපනික වැඩසටහන් රාශියක් ද ක්‍රියාත්මක කරයි.

එමෙන් ම ඔරියන්ට් ෆිනෑන්ස් සමඟින් ඉතිරි කිරීම ආරම්භ කිරීමේ දී ස්ථාවර හා ආරක්ෂිත මූල්‍ය සේවාවක් ලබාගැනීමට මෙන් ම  එක ම වහලක් යටින්  දරුවන්ගේ ඉතුරුම් සියල්ලක් ම කල්තියා සැලසුම් කිරීමේ හැකියාව ද දෙමාපියන් වෙත ලැබීම විශේෂත්වයකි.

“වසර 40 කට වැඩි කාලයක් තිස්සේ විශ්වසනීය සේවාවක් සමඟින්,  අද්විතීය මූල්‍ය විසඳුම් රාශියක් මේ රටේ ජනතාව වෙත ලබා දීමට අපට හැකි වෙලා තිබෙනවා. කුඩා කල සිට ම ඉතිරි කිරීමේ යහපත් පුරුද්ද මේ රටේ දරු පරපුර තුළ ඇති කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා.  ඒ වගේ ම දැනටමත් අප සමඟ අත්වැල් බැඳගෙන සිටින ගනුදෙනුකරුවන්ට, තම දරුවන්ගේ අනාගත මූල්‍ය කටයුතු සැලසුම් කිරීමට ඔවුන්ගේ විශ්වාසවන්ත ම මූල්‍ය සේවා සපයන්නා වන අප සමඟ එක් වීමෙන් වැඩි ප්‍රතිලාභ ලබාගත හැකියි.  Orient Minor Savings ඉතිරි කිරීමේ ගිණුම හරහා දරුවන්ගේ පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම නව ගිණුම, වර්තමාන අර්බුදකාරී වාතාවරණය තුළ මේ රටේ ජනතාව වෙත අප ලබා දෙන  ස්ථාවර මූල්‍ය සේවාවන්ට ඉතා හොඳ උදාහරණයක්.” යනුවෙන් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී කේ. එම්.එම්.ජාබිර් මහතා පැවසුවේය.

දරුවන් තුළ යහපත් ජීවන රටාවක් ගොඩනැංවීම සඳහා යහපත්  පුරුදු අත්‍යවශ්‍ය වේ. මෙම දැක්මට සමගාමීව මෙවර ළමා දිනය නිමිත්තෙන් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම විසින් කුඩා කල සිට ම දරුවන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම වෙනුවෙන් මෙම සුවිශේෂී ළමා ඉතිරි කිරීමේ ගිණුම හඳුන්වා දුන් අතර, එමගින් අනාගතයේ දී ඔවුන්ගේ  උසස් අධ්‍යාපනයට හා විදේශ අධ්‍යාපනයට අවශ්‍ය මූල්‍ය අත්වැළක් ලබාදීම අපගේ බලාපොරොත්තුවයි.

වසර 40 කට වැඩි කාලයක් පුරා ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම නව්‍ය හා පාරිභෝගිකයින් කේන්ද්‍ර කරගත් සේවා සපයන්නෙකු ලෙස ස්ථාවරත්වයට පත් වී ඇති අතර, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගනිමින් කාලීන මූල්‍ය නිපැයුම් හඳුන්වා දෙන ආයතනයක් ලෙසින් ද ප්‍රචලිත වී ඇත.  ජනශක්ති සමූහයේ ශක්තිය ද සමඟින්, සිය මූල්‍ය විසඳුම් කලඹ ශක්තිමත් ලෙස ඉදියට ම ගෙන යන ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම Orient Minor Savings ඉතුරුම් ගිණුම හරහා ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments