Monday, October 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්ජී.එල්.ගේ භෝජනය සංග්‍රහය අවලංගුයි

ජී.එල්.ගේ භෝජනය සංග්‍රහය අවලංගුයි

ඉන්දියාවේ දෙදින සංචාරයක නියුතු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා විසින් ලබා දීමට නියමිතව තිබූ දිවා භෝජන සංග්‍රහය අවලංගු කිරීමට කටයුතු කොට ඇති බව වාර්තා වනවා.

ඒ, අභාවප්‍රාප්ත වූ ගීත කෝකිලාවිය වූ ලතා මංගේස්කාර් මහත්මිය වෙනුවෙන් ඉන්දියාව දින 2ක ශෝක කාලයක් ප්‍රකාශ කර තිබීම නිමිත්තෙන්.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා පෙබරවාරි 6 වන දින නවදිල්ලි ගුවන් තොටුපළේදී පිළිගනු ලැබුවා.
මේ අතර දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී තිබෙනවා
විදේශ අමාත්‍යවරුන් දෙදෙනා ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වා ඇත්තේ, දිල්ලියේ පිහිටි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේදී .

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ,මෙහිදී ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළව විදේශ ආමත්‍යවරුන් දෙදෙනා අතර පුළුල් ලෙස කරුණු සාකච්ඡා වී ඇති බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments