වත්තේගම මඩවල ප්‍රදේශයේදී නිවසක් පිටුපස පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.
එම නිවස පිටුපස ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමේදී ඒ ආසන්නයේ තිබූ අඩි 12ක් පමණ උසැති පස් කන්දක් එම ස්ථානයේ සිටි සේවකයින් පස් දෙනෙකු මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.