Wednesday, February 8, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්ඕස්ට්‍රේලියාවේ විශාලතම ලාංකීය සංස්කෘතික උළෙලLanka Fest යළිත්!...

ඕස්ට්‍රේලියාවේ විශාලතම ලාංකීය සංස්කෘතික උළෙලLanka Fest යළිත්!…

ඕස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රීලාංකීය සංස්කෘතිය සහ ආහාර පාන ප්‍රදර්ශන උළෙලවන‘ලංකන්ෆෙස්ට්’කොවිඩ් වසංගතය හේතුවෙන් වූ වසර3ක විරාමයකට පසු එළැඹෙන ඉරිදා (ඔක්තෝබර්23) මෙල්බර්න්හි සුප්‍රකට වික්ටෝරියා රැජින වෙළඳපොල භූමියේ දීඅති උත්කර්ශවත් ලෙස පැවැත්වීමට නියමිතයි.

ශ්‍රීලංකාවේ විචිත්‍රවත් සංස්කෘතිය සහ උරුමය පිළිබඳ අභිමානනීය සැමරුම ලෙස‘ලංකන්ෆෙස්ට්’ උළෙල ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකීය තරුණ පිරිසක් විසින් 2015දී ආරම්භ කරන ලදී. ඉන් ලැබූ සාර්ථකත්වය සමග  2016, 2017 සහ 2018යන වසර වලදීත් අඛණ්ඩව ‘ලංකන් ෆෙස්ට්’ උළෙල සංවිධාන වූ අතර එය මෙවර පැවැත්වෙන්නේ 5 වැනි වරටයි.

මෙමඋළෙලේ දීශ්‍රීලාංකේයආහාරපාන, සංස්කෘතිකනැටුම්, ගැයුම්හාවැයුම් මෙන්මශ්‍රීලාංකේයකලාශිල්ප, කුළුබඩුසහසංචාරකප්‍රදර්ශනකුටි ඇතුලු විවිධ අංගරාශියකින් සමන්විත වේ.ශ්‍රීලංකාවේසියලුමජනවර්ගනියෝජනය කරමින් දවසපුරානරඹන්නන්වෙත ප්‍රාසංගික අත්දැකීම් සමීප කරවීමට සංවිධායකයින් සැලසුම් කරඇත.

‘ලංකන් ෆෙස්ට්’ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රීලාංකික හාවිදේශිකයින්අතරඉතාජනප්‍රියසංස්කෘතිකඋත්සවයක් බවට මේ වන විට පත්ව තිබේ.

“වසර තුනකට පසු මෙම උත්සවය යළි සංවිධානය කිරීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. ඒ වගේම වික්ටෝරියානු බහු සංස්කෘතික කොමිෂන් සභාවෙන් මෙම උළෙල සදහා නිළ පිිළිගැනීම හා හවුල්කාරිත්වයක් ලැබීම අපට ඉතාගෞරවයක්, ”බව ලංකන් ෆෙස්ට් සංවිධානයේ සභාපති ආචාර්ය දමිතද මෙල් පවසනවා.

“ලංකන්ෆෙස්ට් අවසන් වරට පැවැත්වුනු 2018 වසරේ දී නරඹන්නන් 60,000ක් ආකර්ශනය කරගත්තා. ඒ නිසා කොවිඩ් සීමාවන් සම්පූර්ණයෙන් ඉවත්කර ඇතිවත්මන් තත්ත්වය යටතේ මෙවරඅපට වාර්තාගත නරඹන්නන් සංඛාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා.සංස්කෘතික අත්දැකීම් සොයන බොහෝ අය,ආහාරපාන ලෝලීන් මෙන්ම සංචාරක ලෝලීනුත් ආකර්ෂණය කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා, ” යැයි ආචාර්ය දමිත ද මෙල් සදහන් කරයි.

“මේ වසරේ උත්සවයට පැමිණෙන සැමට ශ්‍රීලංකාව සහ එහි ලෝකප්‍රකට රසයන් පිළිබඳ අමතක නොවන අත්දැකීමක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා,” දමිත වැඩිදුරටත් පැවසීය. .

මෙවර උළෙලේ සියලුම ආදායම් ශ්‍රීලංකාවේ ජාතික පිළිකා රෝහලට ආධාර එකතු කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රීලාංකිකයන් විසින් ආරම්භකරන ලද“Ride for Apeksha” අරමුදල වෙත යොමුකිරීමට ද සංවිධායකයින් බලාපොරොත්තු වේ.

ලන්කන් ෆෙස්ට් උළෙල,ලංකන් ෆෙස්ට් ඉන්කෝපරේෂන්, දරුවන් සඳහා අනාගතයක් පදනම සහ කොළඹ කොටුව රොටරි සමාජයේ ඒකාබද්ධ කර්තව්‍යකි.

වැඩි විස්තර

Web: www.lankanfest.com.au

Email: info@lankanfest.com.au

Twitter & Instagram: @LankanFest

Facebook: www.facebook.com/lankanfest

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments