Saturday, December 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්ස්වදේශීකොහොඹ 14 වන වරටත් දෙව්නුවර උත්පලවර්ණ ශ්‍රීවිෂ්ණු මහා දේවාලය සහ මහනුවර...

ස්වදේශීකොහොඹ 14 වන වරටත් දෙව්නුවර උත්පලවර්ණ ශ්‍රීවිෂ්ණු මහා දේවාලය සහ මහනුවර ශ්‍රීමහ විෂ්ණු දේවාලය ආලෝකමත් කරයි.

ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය විසින් දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ මහනුවර ශ්‍රී මහ විෂ්ණු දේවාලය ආලෝකමත් කරන ලදි. 

ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය විසින් දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ මහනුවර ශ්‍රී මහ විෂ්ණු දේවාලය ආලෝකමත් කරන ලදි.   ඇසළ උත්සවයට සමගාමීව  “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පුජාව සිදු කරන ලදි. ස්වදේශී මෙසේ මහනුවර ශ්‍රී මහ විෂ්ණු දේවාලය ආලෝකමත් කරන ලද්දේ තෙවන වරටය

ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ “ශ්‍රීලාංකේය සමාගමක් ලෙසින් ශ්‍රීලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක්. ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමේ ප්‍රයෝජනය සියලු වන්දනාකරුවන්ට ලැබෙන අතර, ශ්‍රීලාංකේය උරුමයන් සුරැකීම පිළිබඳව මතුපරපුර වෙත පූර්වාදර්ශයන්ද සපයනවා” යනුවෙනි. ආලෝක පූජාවෙන් පසුව ශ්‍රීලාංකේය සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිඹිබු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැරද පැවැත්විණි.

පෘතුගීසීන් විසින් විනාශ කරන ලද මුල්ම උත්පලවර්ණ ශ්‍රීවිෂ්ණු මහ දේවාලය  ක්‍රි.ව 661 දීධාපුළුසෙන් රජු විසින් ඉදිකරවන ලද්දකි. බෞද්ධ සාහිත්‍යයට අනුව බුද්ධ පරිනිර්වාණයට පෙරාතුව, ලංකාවේ බුදුදහම ආරක්ෂා කරදෙන ලෙස බුදුරදුන් විසින් ශක්‍රදේවේන්ද්‍රයාගේන් ඉල්ලීමක් කර ඇත.  ශක්‍රදේවේන්ද්‍රයා විසින් මෙම කාර්යය, උත්පලවර්ණ දෙවියන්ට පවරා දී ඇත. උත්පලවර්ණයන්නෙහි අර්ථය නිල්පැහැය වන අතර එය විෂ්ණු දෙවියන්ගේ පැහැයට සමාන වේ. මේ නිසා දෙවුන්දර දේවාලය, උත්පල වර්ණ ශ්‍රීවිෂ්ණු දේවාල මන්දිරය ලෙස හඳුන්වයි.

නුවර හතර දේවාලයන් ගෙන් එකක් වන මහනුවර ශ්‍රීමහා විෂ්ණු දේවාලය, රාජකීය මන්දිරය (මහවාසල) සහ ශ්‍රීදළදා මාළිගාව සමඟ සමීපව කටයුතු කරයි.

2013 වසරේදී, ඓතිහාසික දඹදෙණි රජමහා විහාරයේ ‘ශ්‍රීදළදාමාළිගාව’ සහ පෞරාණික බිතුසිතුවම් අලුත් වැඩියා කරනලද ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

කතරගම කිරිවෙහෙර, රුහුණු මහා කතරගම දේවාලය, අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය,  සබරගමු මහ සමන් දේවාලය, රිදීගම රිදීවිහාරය, ලංකාතිලක රජමහා විහාරය, දැරණියගල සමන් දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය,  සංඛපාලි රජමහා විහාරය, කොළඹ ගම රජමහා විහාරය,  දඹදෙණිය රජමහා විහාරය සහ කෑරගල රජමහා විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශීකොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබාදෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments