Saturday, December 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්සෙලාන් බැංකුව ‘ඇල්බට් අංකල්’ යළි කරළියට ගෙනෙයි....

සෙලාන් බැංකුව ‘ඇල්බට් අංකල්’ යළි කරළියට ගෙනෙයි….

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම වර්ගයේ පළමු ප්‍රවර්ධන වැඩසටහනින් ජයග්‍රාහකයන්ට සුවිශේෂී ඩිජිටල් තෑගි(NFT)

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව,පිළිගත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා මෙරටට මුදල් එවීම දිරිමත් කිරීම සඳහා සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. අතීතයේදී වෙස්ටර්න් යූනියන් සේවාව වෙනුවෙන් නිර්මාණය කරන ලද, මෙරට තුළ අතිශයින් ජනප්‍රිය වූ වෙළඳ දැන්වීමක චරිතයක් වන ‘ඇල්බට් අංකල්’ චරිතය මෙහිදී නැවත කරළියට පැමිණෙනු ඇත.

දශක දෙකකට පෙරමුලින්ම විකාශය වූ මේ වෙළඳ දැන්වීම, ලන්ඩනයේ සිට මෙරටට මුදල් එවීමේ සිද්ධියක් පාදක කරගත් නිර්මාණයකි. විවාහ මංගලෝත්සවයකදී මුද්දක් නැතිවීම හේතුවෙන් අලුත් මුද්දක් මිලදී ගැනීම සඳහා ලන්ඩන් නුවර වෙසෙන ඇල්බට් අංකල්, ශ්‍රීලංකාවේ සිටින සුරේෂ්ට එසැණින් රුපියල් පනස්දහසක මුදලක් වෙස්ටර්න් යූනියන් සේවාව හරහා එවයි. වෙළඳ දැන්වීම තුළ ඇල්බට් අංකල් කවුරුන්ද යන්න අනාවරණය නොවන නමුත් ඇල්බට් අංකල් යන නාමය එදාපටන් මෙරට තුළ විදේශ රටවලින් මුදල් එවීම හඟවන සුවිශේෂී සංකේතයක් බවට පත්වී තිබේ.

වෙස්ටර්න් යූනියන් වැනි සුරක්ෂිත සහ පිළිගත් මුදල් හුවමාරු සේවාවන් හරහා මුදල් එවීම සහ යැවීම දිරිගැන්වීම සඳහා මෙම ජනප්‍රිය චරිතයට නැවත ජීවය ලබාදීමට සෙලාන් බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් සමග ජයග්‍රාහකයන් 15 දෙනෙකුට සුවිශේෂී ඩිජිටල් ත්‍යාග එකතුවක්ද හිමිවනු ඇත.

“රටේ පවතින වත්මන් ආර්ථික ගැටලු විසඳීම සඳහා, විදේශ රටවල සිට මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය වැඩිකර ගැනීම ඉතාමත් වැදගත්. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් සෙලාන් බැංකුව,පිළිගත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා ලැබෙන අභ්‍යන්තර ප්‍රේෂණ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා මෙම නිර්මාණශීලී වැඩසටහන දියත් කිරීමට තීරණය කළා. ඇල්බට් අංකල්ගේ චරිතයට නැවත ජීවයදී මමගින් අපට බාල මහලු කාටත් ආමන්ත්‍රණය කරමින්, පිළිගත් මුදල් හුවමාරු නාලිකා හරහා මුදල් එවා රටේ යහපතට දායකවීමට මෙන්ම ඔවුන් දිරිමත් කිරීමට හැකි වේවි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා අලෙවි) ගමිකද සිල්වා මහතා පැවසීය.

‘Digital collectibles’ හෝ ‘Non-Fungible Tokens’ (NFTs) යනු කලා කෘති හෝ ඉඩකඩම් වැනි සත්‍යලෝකයේ දේවල් නියෝජනය කරන, බ්ලොක්චේන් (blockchain) එකක ඇති ක්‍රිප්ටෝ ග්‍රැෆික් වත්කම් (Cryptographic assets) වර්ගයකි. සෑම NFT එකක්ම අනෙකුත් NFT වලින් වෙන් කර හඳුනාගතහැකි අනන්‍යතා කේතයක් සහ පාරදත්ත (Metadata) ඇත. සැබෑ ලෝකයේ භෞතික වත්කම් මේආකාරයට’ටෝකන්කරණය’ කිරීමමගින්වංචා සිදුවීමේ සම්භාවිතාව අවමවන අතරම ඒවා මිලදී ගැනීම සහවිකිණීම වඩාත් කාර්යක්ෂම වේ.

මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් 15 දෙනෙකුට ‘Uncle AlbertNFT ‘හිමි වන අතර, ඒ අතරින් එක් ජයග්‍රාහකයෙකුට මුදලින් රු. 100,000/- ක් ද හිමිවේ. දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයන් තෝරා ගනු ලබන අතර, වැඩසටහන ආරම්භ කළ දිනයේ සිට දින 45ක කාලයක් ඇතුළත, ඕනෑම විදේශ මුදල් වර්ගයකින් ඇමරිකානු ඩොලර් 500 කට සමාන හෝ ඊට වැඩි මුදලක් ප්‍රේෂණය කරන පුද්ගලයන්, එම ගනුදෙනුවට අදාළ යොමු අංකය සෙලාන් බැංකුවේ නිල සමාජ මාධ්‍ය පිටුව වෙත  යොමු කළ යුතුය. එවිට ඔවුන් මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබනු ඇත. මූලික ත්‍යාග වලට අමතරව ජයග්‍රාහකයන්ට සෙලාන් බැංකුවේ ප්‍රමුඛ තාක්ෂණික ඇමතුම් අංකයක් සහ සෙලාන් බැංකුවේ ශාඛාවලදී සියලුම සේවාවන් සඳහා ප්‍රමුඛතාව හිමිවීම ඇතුළු විශේෂ සේවාවන් හාප්‍රතිලාභ රාශියක්ද හිමිවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments