විදුලිපරිභෝජනය 25% කින්අඩුකිරීමට වහලමතසූර්යබලශක්තිපද්ධතිසවිකෙරේ
හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී (Hemas Holdings PLC) සිය 2030 පාරිසරික න්‍යාය පත්‍රයේ කොටසක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ.
එහි කොටසක් වශයෙන්, හේමාස් සමූහයේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන ස්ථාන රැසක,වහලය මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති සවිකිරීමට මේ වන විට පියවර ගෙන ඇත.Fentons Ltd හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar මගින් මෙය සිදුකරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් අනතුරුව සමූහයේ විදුලි පරිභෝජනය 25% කින් අඩු වනු ඇති අතර, එහි මෙහෙයුම් කටයුතු මගින් පරිසරයට ඇතිවන බලපෑමද තවදුරටත් අවම වනු ඇත.
මේ ආකාරයට විකල්ප බලශක්තිය භාවිතයට ගැනීම මගින් සිය කාබන් පියසටහන අවම කිරීමට සහ ඕසෝන් ක්ෂයවීම අවම කිරීමට දායකවීමට මෙන්ම,අනාගතයේ මතුවිය හැකි පොසිල ඉන්ධන හිඟයට සාර්ථක ලෙස මුහුණදීමටද හේමාස් සමූහයට හැකියාව ලැබෙනු ඇත.
මෙම විකල්ප බලශක්ති භාවිතය අනෙකුත් සමාගම් වලටද ආදර්ශයක් වනු ඇතැයි හේමාස් සමූහය විශ්වාසය පළ කරයි.එමගින් තිරසාර ව්‍යාපාර ක්‍රමවේදයන් බහුලව භාවිතයට පැමිණ, ශ්‍රීලංකාවේ පරිසරයට සුවිශාල යහපතක් සිදුවනු ඇත.
සිය පාරිසරික න්‍යාය පත්‍රය යටතේ විවිධ හවුල් කාරීත්වයන් ඇති කර ගනිමින්,දැනුවත් කිරීම් හා මගපෙන්වීම් සිදුකිරීමටත්, වගකීම් සහගත ලෙස ස්වාභාවික බලශක්තිය භාවිතය ප්‍රවර්ධනය කිරීමටත්, ව්‍යාපාරික කටයුතු මගින් සිදුවන බලපෑම් අවම කිරීමටත්, පරිසරයට හානි කරන ප්ලාස්ටික් භාවිතය අවම කිරීමටත් හේමාස් සමූහය බලාපොරොත්තු වෙයි.