පින්වත්ත හෝටලයක අභිරහස් ලෙස ඝාතනය කර වැසිකිළි වළක් තුළ දමා තිබී ඉකුත් මාර්තු 29 වනදා හමුවූ දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු මාස අටකට පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු එවකට හෝටල් කලමණාකරු ලෙස සේවය කළ පුද්ගලයා වෙයි.
ඔහු ඇඹිලිපිටිය සෙවනගල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇත.
ඇඹිලිපිටිය ප්‍රදේශයට පළාගොස් ඇති සැකකරු පොලීසියෙන් මිදීම සඳහා වරින්වර පදිංචිය වෙනස් කරමින් සිට ඇති බවද සඳහන් වෙයි.
සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.