Thursday, December 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්පොහොර ගොඩබෑම ඇරඹේ

පොහොර ගොඩබෑම ඇරඹේ

දිවයිනට පැමිණි යුරියා පොහොර නෞකාවේ පොහොර ගොඩබෑම කටයුතු ඊයේ (13) රාත්‍රී ආරම්භ කර තිබේ.

මැලේසියාවේ සිට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක් රැගත් දෙවන නෞකාව ඊයේ පස්වරුවේ කොළඹ වරායට ළඟා වු අතර කඩිනමින් එම ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා පොහොර සහ කොමර්ෂල් පොහොර යන සමාගම් වෙත උපදෙස් ලබාදී තිබුණි.

ලෝක බැංකුව විසින් ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 105ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ එම පොහොර තොගය මිලදී ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.
 
මේ වනවිට ලෝක බැංකු ණය ප්‍රතිපාදන යටතේ මෙවර මහ කන්නය සඳහා ලැබී ඇති යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 35,000ක් වන අතර පසුගිය යල කන්නයේ දී ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මිල දී ගත් පොහොර මෙට්‍රික් ටොන් 65,000න් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 34,000ක් ඉතිරිව පවතින බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

එමෙන්ම මෙම මස 28 දින තවත් යුරියා පොහොර නෞකාවක් මෙරටට ළඟා වන අතර ලබන මස පළමු සතියේ දී බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් කොළඹ වරාය වෙත පැමිණීමට නියමිතව තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments