මාතලේ පොලිස් වසමේ රණබිමගම ප්‍රදේශයේ නිවසක සිටි කුඩා දරුවෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (14) උදෑසන අදාළ පහරදීම සිදුව ඇති බවය.
එකම පවුලේ මව, දියණිය හා පුතුන් දෙදෙනාට අසල නිවසක පුද්ගලයෙකු විසින් එලෙස තියුණු ආයුධයකින් පහරදී තිබේ.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබු පිරිස මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අවුුරුදු 3 හමාරක පිරිමි දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත.
වයස අවුරුදු 38ක් වු මව, 19ක් වන දියණිය හා අවුරුදු 15ක් වන අනෙක් පිරිමි දරුවා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
කලක සිට පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
සැකකරු අපරාධය සඳහා උපයෝගී කරගත් කඩුවද සමගින් අත්අඩංගුවට ගෙන ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ඥාතීන් වෙත භාර දී තිබේ.
මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.