ඉකුත් මැයි නම වෙනි දින අරගලයේ පැවති දා ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාස වල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුලු දේපල වලට අරගලකරුවන් පහරදීමෙන් සිදුවූ අලාභය රුපියල් කෝටි 77කට අධික බව තක්සේරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත ,ගීතා කුමාරසිංහ ,ජයන්ත කැටගොඩ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,බන්දුල ගුණවර්ධන ,ජගත් කුමාර ,සීතා අරඹේපොල ,රෝහිත අබේගුණවර්ධන හා ගාමිණී ලොකුගේ මහත්ම මහත්මීන්ගේ නිවාස සහ දේපළ වලට එලෙස අලාභානි වි ඇත
නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ නිවාස නමයක් ඇතුළු දේපල මෙන්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිවාස හතරක් ඇතුළු දේපල වලට එම අලාභය සිදුවී ඇතැයි ගණන් බලා ඇත. එම අලාභානි වීම අතර වාහන රැසක් ද වේ.
වැඩිම අලාභය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ දේපළවලට ය . එය කෝටි 46කි. අනතුරුව දෙවැනි වැඩිම අලාභය ලෙස ගණන් බලා ඇත්තේ සීතා අරඹේපොළ මහත්මිය ගේ තලංගම නිවස ඇතුළු දේපළවලට සිදුවූ අලාභය ය.එය කෝටි 14 කි.
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ නිවසට සහ දේපල වලට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි
එම මන්ත්‍රීවරුන් ලබාදුන් තක්සේරු වාර්තා වල මෙම මුදලට වඩා දෙතුන් ගුණයක් සඳහන්ව තිබී ඇත.