Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකශ්‍රී ලංකාවේ ව්‍යාපාරකරණය පහසු කරන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරකරණය පහසු කරන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කෙරේ…

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (16) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ් අනුව උක්ත කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස නසීර් අහමඩ්, අරවින්ද් කුමාර්, නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, මොහමඩ් මුසම්මිල් ,චමින්ද වි‍ජේසිරි, වරුණ ලියනගේ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, කෝකිලා ගුණවර්ධන , ලලිත් වර්ණ කුමාර යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පත් කොට තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments