Wednesday, November 29, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරික2021 CMA විශිෂ්ටතා ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ සම්මාන උලෙළේ දී නවලෝක රෝහලට රන්...

2021 CMA විශිෂ්ටතා ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ සම්මාන උලෙළේ දී නවලෝක රෝහලට රන් සම්මානයක්

2022 වසර ජයග‍්‍රාහී ලෙස ආරම්භ කරමින් ලංකාවේ පුරෝගාමී සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන නවලෝක රෝහල්, 2021 වසරේ CMA විශිෂ්ටතා ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ සම්මාන උළෙලේ දී සෞඛ්‍ය සේවා අංශය තුළ හොඳම ඒකාබද්ධ වාර්තාවට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. තවද සමස්ත ඒකාබද්ධ වාර්තාකරණ පරිචයන් සඳහා කුසලතා සම්මානයක් ද හිමිකර ගැනීමට සමත් විය.

ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය අඛණ්ඩව අටවැනි වරටත් පවත්වනු ලැබුවේ ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොකළ ශ‍්‍රී ලාංකික සමාගම් මෙන්ම රජය සතු සමාගම් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඒකාබද්ධ වාර්තාකරණය වෙත යොමු කරවමින් ඒ තුළින් ආයෝජකයින් සහ පාර්ශවකරුවන් වෙත වාසි සලසා දීමේ අරමුණෙනි.

CMA විශිෂ්ටතා ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේදී මෙම ඇගයීමට පාත‍්‍ර වීම ගැන අපි අතිශයින් සතුටට පත්වෙනවා. එය වසර ගණනාවක් තිස්සේ ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණයේ ඉහළම ප‍්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම වෙනුවෙන් අප කළා වූ දැඩි කැපවීම පිළිබඳ සාක්ෂියකි. අපගේ සියලූම පාර්ශ්වකරුවන් සමඟ ඉහළම මට්ටමේ විනිවිදභාවය, විශ්වාසය සහ සමාජ වගකීම පවත්වාගෙන යාමේ දී මෙම ඒකාබද්ධ වාර්තාකරණය සෞඛ්‍ය සේවා ආයතන වලට වඩාත් වැදගත් වේ. COVID-19වසංගතය මඟින් මූල්‍ය සහ මූල්‍ය නොවන යන දෙඅංශයෙන්ම සෞඛ්‍ය සේවා මෙහෙයුම් හි විනිවිදභාවය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය දැඩි ලෙස ඉස්මතු කරන ලදි.

”ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව ඵලදායී, ඉහළම මූල්‍ය වාර්තාකරණ පරිචයන් උපයෝගී කරගනිමින් මෙවැනි සුවිශේෂී වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපගේ කණ්ඩායමට මම ස්තූතිවන්ත වන අතර ඉදිරි කටයුතු වෙනුවෙන් සුබ පතනවා. ඉදිරි වසර සඳහා තොරතුරු සහිත මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ප‍්‍රමිතීන් වාර්තා කිරීමට අපගේ උත්සාහය අඛණ්ඩවම ඉදිරියට කරගෙන යනවා.” යනුවෙන් නවලෝක රෝහල් සභාපති ජයන්ත ධර්මදාස මහතාසිය සංකල්පය පිළිබඳව පැහැදිලි කළේය.

2013 දෙසැම්බර් මස නිකුත් කරන ලද ජාත්‍යන්තර<IR> රාමුවේ මාර්ගෝපදේශ යටතේ ඒකාබද්ධ වාර්තා ඇගයීමට ලක් කෙරේ. මෙම ඇගයීමේ දී ගිණුම්කරණ සහ මූල්‍ය තොරතුරු පමණක් නොව <IR> හි සපයා ඇති මූල්‍ය නොවන තොරතුරු ද සලකා බලයි. මේ සඳහා සමාගම් හතළිස් එකක් අයදුම්පත් ඉදිරිපත් කර තිබූ අතර ජාත්‍යන්තර සහ දේශීය විනිසුරුවන්ගෙන් සැදුම්ලත් කීර්තිමත් මණ්ඩලයක් විසින් ඒවා සමාලෝචනය කරන ලදී.

නවලෝක රෝහලේ තම ඒකාබද්ධ වාර්ෂික වාර්තාව සඳහා ස්වේච්ඡුාවෙන්ම ජාත්‍යන්තර <IIRC> රාමුව සහ Global Reporting Initiative  (GRI) විකල්පයන් ‘Core’ වැනි ගෝලීය මිණුම් සලකුණු අනුගමනය කරයි. මෙය ඒකාබද්ධ වාර්තාකරණ රාමුව යටතේ Six Capital Reporting Framework දරන අනුගමනය කරමින් සියලූම පාර්ශවකරුවන් සමඟ ආයතනික තොරතුරු බෙදාගනිමින් වටිනාකම් නිර්මාණය කරයි. CA ශ‍්‍රී ලංකා හි 56 වැනි වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී සෞඛ්‍ය සේවා අංශය තුළ සුවිශේෂී ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණ පිළිවෙත් සඳහා වූ ඉහළම රන් සම්මානය ද පසුගිය වසරේ දී රෝහල් ජාලය විසින් හිමිකර ගන්නා ලදි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments