Tuesday, October 3, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල ගැන ජනපති ගත් තීරණය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල ගැන ජනපති ගත් තීරණය

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ඉදිකිරීම් කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.

මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු ඉදිරියට පත්වාගෙන යා යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී තිබේ.

රෝහලේ සැලැස්ම, පහසුකම් සහ එහි මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පවතින මානව සම්පත් හිඟය සහ මූල්‍ය දුෂ්කරතා පිළිබඳව නිලධාරීන් මෙහිදි ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

පවතින සම්පත් ඵලදායීව යොදාගනිමින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමේ අවශ්‍යතාව පෙන්වාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කරගනිමින් රෝහලේ කටයුතු ඉදිරියට පත්වාගෙන යාමේ වැදගත්කම පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments