නවතම සුපිරි වෙළඳ සැල් අත්දැකීම් සමඟින්, Arpico ජාලයේ 55 වැනි සුපර් මාකට් වෙළඳ සැල සීදූව ලියනගේ මුල්ල ප්‍රදේශයේදී,රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය සේනයද්දෙහිගේ මහතා අතින් නොවැම්බර් මස විවෘතවිය.


සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් හි සාමාන්‍යාධිකාරී කේ.ඒ.එස්. ලසන්ත මහතා “වර්ග අඩි 25,000 ක ඉඩකින් සමන්විත අපගේ නව Arpico සූපර් සෙන්ටර් වෙළෙඳ සැල අද්විතීය සහ Arpico ජාලයට ආවේණික වූ සුවිශේෂී පහසුකම් රැසකින් සමන්විතයි. Arpico ජාලයේ සෑම සූපර් සෙන්ටර් වෙළඳ සැලක් මෙන් එකම වහලක් යට සියලු දේ මිලදී ගැනීමේ පහසුකම රැගත් මෙම සුපිරි වෙළඳ සැල,එකවර වාහන 60කට වැඩි ප්‍රමාණයක් නවතා තැබීමේ පහසුකමින්ද සමන්විතයි. පාරිභෝගිකයන් හට තම සියලුම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා Arpico සේවා මඩුල්ල විසින් විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමඟින් – ෆාමසියක්, බිල්පත් ගෙවීමේ පහසුකම් සහ කැෆේ පහසුකම් වැනි අවශ්‍යතා මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ, එළවලු හා පලතුරු නිෂ්පාදන, ගේ දොර උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ,සහ ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇති මෙය Arpico ජාලයේ හයිපර් මාකට් වෙළඳ සැල් ගණයේ 30 වන වෙළඳ සැලයි.”
සීදුව නගරයේ සහ අවට පදිංචි ජනතාවට මෙන්ම නගරය වෙත එන යන දහස් ගණන් ජනතාවට එකම වහලක්යට භාණ්ඩ 40,000 කට වඩා තෝරාගැනීමට පහසු වන පරිදි Arpico සුපර් සෙන්ටර් සීදූව, මනාව තෝරාගත් ස්ථානයක පිහිටා ඇති බැවින්, ජනතාවට ඉතාමත් පහසුවෙන් අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇත. දිවයින පුරා පිහිටි සුපර් සෙන්ටර් 21ක්, සුපර් ස්ටෝර් 09 ක් සහ Arpico ඩේලි සුපිරි වෙළඳ සැල් 25 කින් සමන් විත වන Arpico සූපර් සෙන්ටර් වෙළද සැල් ජාලය යනු සමාගමේ ප්‍රමුඛතම අලෙවි සැල් ජාලය වන අතර,පුළුල් රථ ගාල, බිල්පත්ගෙවීම්, බැංකු පහසුකම් හා කාර්යක්ෂම ජීවන රටා අවශ්‍යතා සපුරන ගමනාන්තයක් බවට පත්වී තිබේ.