ගෝලීය රථවාහන නිෂ්පාදකයින්ගේ මෙරට බලයලත් නියෝජිතයින්ගෙන් සැදුම්ලත්එකමමෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA)විසින් සියපාර්ශ්වකරුවන්වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක්සහ විශේෂ සැසියක් ඔක්තෝබර් මස 26 වන දින මූවන්පික්හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවටඅමාත්‍යාංශඇතුළු රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ මෙරට මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධ වෙනත් ආයතන රැසක නියෝජිතයෝ සහභාගි වූහ. මෙම උත්සව අවස්ථාවේ ආරාධිත කථිකයා ලෙස සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතායි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරපවතින සබඳතාව, ඉන්දියාව සමඟ එක්ව මෙරට දේශීය මෝටර් රථ කර්මාන්තය දියුණු කිරීමේ හැකියාව සහ ඉන්දියානු වාහන උපාංග ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලා පිහිටුවීමට ඇති ශක්‍යතාවආදී කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාපැමිණ සිටි පිරිස ඇමතුවේ ය.එහි දී බාග්ලේමහතා මේ අයුරින්අදහස් දැක්වීය. “ඉන්දියාවේ මෝටර් රථ කර්මාන්තයේ සාර්ථකත්වයට පාරිභෝගිකජනතාවට පහසුවෙන් මිල දී ගැනීමට හැකි නිෂ්පාදන පරාසය වගේ ම ගෝලීය රථවාහන වෙළෙඳනාම සඳහා අමතර කොටස් හා උපාංග නිෂ්පාදනයත්ප්‍රධානහේතුවක්. මෝටර් රථ උපාංග සඳහා අමතර කොටස් නිෂ්පාදනය ශ්‍රී ලංකාවට ඉතා හොඳ අපනයන ආදායමක් ලබාගැනීමට හැකි මාර්ගයක්.එමගින්මේ රටේ ගැටලුරැසක්දිගු කාලීනව විසඳාගත ගැනීමට හැකි බව මම විශ්වාස කරනවා.ඒ නිසාශ්‍රී ලංකාව තුළ මෝටර් රථ උපාංග නිෂ්පාදනායතන පිහිටුවීමේ ශක්‍යතාව පිළිබඳ විමසා බැලීමටඉන්දියාවේ මෝටර් රථ ක්ෂේත්‍රය ආශ්‍රිත නියෝජිත පිරිසකට මම ආරාධනා කිරීමට කැමති යි.”
මෙහි දී පැවැත්වුණු දෙවන දේශනයලෙසසිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ (CMTA) සභාපති චාරක පෙරේරා මහතා සභාව ඇමතූ අතර, ඔහු වෙනත් රටවල් හා සසඳන විට රථ වාහන සඳහා දේශීය වෙළෙඳපොළ තුළ පවතින ඉල්ලුම, පාරිභෝගිකයා හා පරිසරය ආරක්ෂා කිරීම මෙන් ම ආනයන බදු හා ආයතනික බදු මගින් රජයේ ආදායම ප්‍රශස්ථ කිරීම සඳහා මෙරට මෝටර් රථ කර්මාන්තය දැඩි ලෙස නියාමනය කිරීමේ අවශ්‍යතාව, යන කරුණුපිළිබඳව අවධාරණය කළේය. ” භූගෝලීය පිහිටීම සහ රටවල් බොහොමයක් සමඟ පවත්වාගෙන යන ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා උපයෝගී කර ගනිමින් මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තක්ෂේත්‍රයක්ඉතා සාර්ථකවවර්ධනය කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙනවා.අපගේ මෝටර් රථ කර්මාන්තය දියුණු සහ ශක්තිමත් කරමින්,රටේ ආර්ථිකය වර්ධනයකිරීමට ඉන්දියාවේ සහාය වගේ මමඟපෙන්වීම අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් චාරකපෙරේරා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.
කථිකයන් දෙදෙනා තම දේශන අවසන් කිරීමෙන් අනතුරුව දේශීය මෝටර් රථ කර්මාන්තයේ පාර්ශවකරුවන් රැසකගේ නිලධාරීන්ගෙන් සමන්විත ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වුණු අතර,මෙම සැසියේ අරමුණ වූයේ සමස්තමෝටර්රථ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ක්‍රමවේද සැකසීම සඳහා එම ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් හා ප්‍රධානීන් සම්බන්ධ කර ගැනීමයි.
ප්‍රශ්නෝත්තර සැසියේ දී අවධානය යොමු වූ ප්‍රධානතම කරුණක් වූයේ සියලු ම පාර්ශ්වයන්ට මෙන් ම රටට ද ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් වාහන ආනයනය සම්බන්ධව නිසි නියාමනයක් හා පාලනයක්ඇති කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව යි.