Wednesday, November 29, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්අසමාරා ක්වෙස්ට් නෞකාව හම්බන්තොට මාගම්පුර වරාය වෙත

අසමාරා ක්වෙස්ට් නෞකාව හම්බන්තොට මාගම්පුර වරාය වෙත

ඇමරිකානු සුඛෝපභෝගි අසමාරා ක්වෙස්ට් නෞකාව හම්බන්තොට මාගම්පුර වරාය වෙත ළඟා වී තිබෙනවා.

එය එම වරායේ නැංගුරම්ලන දෙවන මගී ප්‍රවාහන නෞකාව වීම විශේෂත්වයක්.

ඇමරිකානු සංචාරකයින් 600ක් රැගෙන අසමාරා ක්වෙස්ට් නෞකාව පෙරේදා (03) කොළඹ වරායට පැමිණි අතර ඊයේ ඔවුන් මහනුවර සහ කොළඹ ස්ථාන කිහිපයක සංචාරය කළා.

ඊයේ රාත්‍රී 8 ට කොළඹ වරායෙන් පිටත්ව ගිය එම සංචාරකයන් අද යාල ජාතික වනෝද්‍යානය සහ හම්බන්තොට සංචාරක ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතයි.

මේ අතර යාල වනෝද්‍යානය නැරඹීම සඳහා විශේෂ සංචාරක නැව්වල පැමිණෙන සංචාරකයින්ට කඩිනම් සේවාවන් සපයන ලෙස වනජීවි හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව සංචාරකයින් පැමිණෙන කලාප අනුව නව ප්‍රවේශපත් කවුළු විවෘත කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments