Wednesday, February 8, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්විද්‍යාලෝක ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට සදාහරිත සමාගමේ සාමාන්‍යධිකාරී නිරෝෂන් මානවඩු මහතා...

විද්‍යාලෝක ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට සදාහරිත සමාගමේ සාමාන්‍යධිකාරී නිරෝෂන් මානවඩු මහතා පත්වෙයි…

සදාහරිත සමූහ ව්‍යාපාරයේ සදාහරිත වැවිලි සමාගමේ සාමාන්‍යධිකාරී නිරෝෂන් මානවඩු මහතා මෙරට ප්‍රමුඛතම පිරිමි විද්‍යාලයක් ලෙස ජනප්‍රසාදය දිනා ඇති ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ නව ක්‍රියාකාරී සභාපතිවරයා ලෙස පත් වී තිබේ. පසුගියදා පැවති වාර්ෂික මහ සමුළුවේදී මානවඩු මහත්මා  ක්‍රියාකාරී සභාපතිවරයා ලෙස පත්කර ගන්නා ලදී.

1999 වසරේ දී විද්‍යාලෝක ආදී ශිෂ්‍ය සංගමයේ සම ලේකම් ධූරය දරා ඇති මානවඩු මහතා 2018 වසරේ සිට නැවත එම ධූරය අඛණ්ඩව වසර 4ක් පුරා දරමින් විද්‍යාලයට මහගු මෙහෙවරක් ඉටු කර ඇත. ලබන වසරේ සිට පාසලේ ස්මාර්ට් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සහ ක්‍රීඩා අංශයට වඩාත් අවධානය යොමු කරමින් පහසුකම් හා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට මානවඩු මහත්ම ප්‍රමුඛ ආදී ශිෂ්‍ය සංගමය සැලසුම් කර තිබේ.

කීර්තිමත් ශිෂයෙකු ලෙස 1997 වසරේ උසස්පෙළ ගණිත අංශයෙන් විද්‍යාලෝක විද්‍යාලයට ගෞරවයක් හිමිකර දුන් මානවඩු මහතා එවකට විද්‍යාලෝක විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරය, බාල දක්ෂ සංගමයේ නායකත්වය මෙන්ම ගාල්ල දිස්ත්‍රික් සහය කොමසාරිස්වරයෙක් ලෙස 2011 වසර දක්වා සිය නායකත්ව හැකියාවන් පිළිබිඹු කර ඇත. විශේෂයෙන්ම එවකට ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවතී සමර් කැම්ප් බාලදක්ෂ ජම්බෝරියෙහි ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් ලෙස සිය සේවය ලබා දෙමින් ශ්‍රී ලංකාට කීර්තියක් අත්කර දීමට සමත්ව ඇත.

අලෙවිකරුවන් දහසකට අධික පිරිසක් පුහුණු කරවමින් සිය දැනුමින් සන්නද්ධ කරමින් අලෙවිකරණ ක්ෂේත්‍රයට වටිනා අලෙවිකරුවන් නිර්මාණය කිරීමට මග පෙන්වා ඇති මානවඩු මහත්මා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිදාරියෙකු වන අතර ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ අලෙවිකරණය හා විකුණුම් පිලිබඳ ජාතික ඩිප්ලෝමාදාරියෙකු ද වෙයි. ඔහු අලෙවි නිලධාරියෙක්, අලෙවි විධායක වරයෙක්, අලෙවි කළමනාකරුවෙක්,  ලෙස දීර්ඝ කාලින වෘත්තීය අත්දැකීම් හිමිකරගෙන ඇත. සහකාර සාමාන්‍යධිකාරීවරයෙක් ලෙස සදාහරිත වැවිලි සමාගම හා සම්බන්ධ වූ මානවඩු මහතා සිය කළමනාකාරීත්ව හැකියාවන් තුලින් මේ වන විට සමූහ ව්‍යාපාරයක් බවට පත්වී තිබෙන සදාහරිත සමූහයේ වැවිලි සමාගමේ සාමාන්‍යධිකාරීවරයා ලෙස කටයුතු කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments