Wednesday, June 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්සුනාමිය වසර 18 සමරන විට,  ස්වාභාවික විපත්වලට  මුහුණ දෙන්නන්ට සහනයක්..

සුනාමිය වසර 18 සමරන විට,  ස්වාභාවික විපත්වලට  මුහුණ දෙන්නන්ට සහනයක්..

මීට 18 වසරකට පෙර 2004 දෙසැම්බර් 26 වන ඉරිදා දින, අපට නුහුරු වචනයක් වූ සුනාමිය අපට හුරු කරවමින් ශ්‍රී ලාංකික ජීවිත 35,000ක් වනසා දැමීය. ශ්‍රී ලංකාවේ නැඟෙනහිර දිස්ත්‍රික්කයේ ත්‍රීකුණාමලයේ සිට බටහිර වෙරළේ මීගමුව දක්වා මුළු වෙරළ තීරයම සුනුවිසුනු කර දමන්න මෙම මීටර් 12.5 උස චන්ඩ රළවලට හැකි විය.

ලොව පුරා සිදු වන මෙවැනි ව්‍යසනයන්ගෙන් වසරකට 45,000කගේ පමණ ජීවිත විනාශ වී යති. මිය ගිය අයගේ හිතවතුන්ට සහ පවුලේ සාමාජිකයන්ට මෙවැනි තත්වයන් නිසා දුකක් සහ කනස්සල්ලක් ඇති වී තිබේ. ජීවිතය පිළිබඳ තිබෙන බලාපොරොත්තු අතහරින්න මෙවැනි තත්වයන්ට මුහුණ දුන් අය තීරණය කර තිබීම අතිශය මානුෂික කරුණකි. ඒ අයට යම් සහනයක් වෙන්න අපට හැකි වේද?

JW ORG මෙවැනි තත්වයන්වලදී සහනාධාර ලබා දීමෙන් උපකාර කරන අතරම කලකිරීමෙන් සිටින අයට බලාපොරොත්තුවක් ලබා දීමටද උත්සාහ කරයි. අපගේ වෙබ් අඩවිය වන http://www.jw.org/si වෙත පිවිස “සුනාමිය” හෝ “ස්භාවික විපත්” යන්න ටයිප් කිරීම මගින් තොරතුරු රාශියක් වෙත පිවිසිය හැක.  එමෙන්ම අපගේ වෙබ් අඩවියේ ඇති “කාලගුණය වියරු වැටුණත් බයිබලෙන් සහනයක්!” හා “නොසන්සුන් ලොවක සන්සුන්ව ඉන්න” කියන ලිපි  ඉතාමත් ප්‍රායෝගිකය.  ඔබ මෙවැනි දෙයක් නිසා කලකිරීමෙන් සිටිනා කෙනෙක් නම් හෝ මෙවැනි දේවල් නිසා ජීවිතය ගැන කලකිරීමෙන් ඉන්න අයෙක් හඳුනන්නේ නම් හෝ http://www.jw.org/si  වෙබ් අඩවියේ තිබෙන මෙම තොරතුරු වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත..

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments