Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය ඉන්දීය IIT විශ්වවිද්‍යාලය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට.....

SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය ඉන්දීය IIT විශ්වවිද්‍යාලය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට…..

මෙරට කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය හා ලෝක ප්‍රකට ඉන්දියානු  විශ්වවිද්‍යාලයක් වන මදුරාසියේ IIT විශ්වවිද්‍යාලය විසින් පසුගිය ඔක්තෝම්බර් 25වන දා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. IIT විශ්වවිද්‍යාලය මඟින් පිරිනමනු ලබන උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා කිහිපයක් SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය හරහා ශ්‍රී ලාංකික ශිෂ්‍යශිෂ්‍යාවන් හට පිරිනැමීම මෙහි අරමුණයි. 

ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයක් IIT විශ්වවිද්‍යාලය හා මෙවැනි හවුල්කාරීත්වයකට එළැඹුණු ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. කොළඹ TRACE Expert Cityහි පිහිටි SLTC City Campus හීදී පැවැත්වුනු මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මැතිතුමා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මැතිතුමා, හා SLASSCOM ආයතනයේ සභාපති ආශික් අලී මැතිතුමා ඇතුලු විවිධ කෂේත්‍රයන්හි නියෝජිතයන් හා ප්‍රභූවරුන් රැසක් සහභාගි වී සිටියහ. මෙම අවස්ථාවට SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එහි සභාපති අජිත ද සොයිසා මැතිතුමා, ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු රංජිත් ජී. රුබසිංහ මැතිතුමා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි අතර IIT  විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මහාචාර්ය වී. කමකොටි මැතිතුමා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් පැවැති විශේෂ උත්සවයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මැතිතුමා පැමිණ සිටි අමුත්තන් අමතමින්, ඓතිහාසික වශයෙන් ඉන්දියාව හා ඉතා සමීප සබඳතාවයක් ඇති ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින්ම සහයෝගය ලබාදීම කෙරෙහි ඉන්දීය රජය විශේෂ ප්‍රමුඛතාවයක් දක්වන බවත්, මෙවැනි සහයෝගීත්වයන් හරහා එම මිත්‍රත්වය තව දුරටත් වැඩිදියුණු වීම දැකීම ඉතා සතුටට කරුණක් බවත්, අනාගතය ජයගැනීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරි ගන්වන්නා වූ මෙවැනි උත්සාහයන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට හැකි උපරිමයෙන් බලාපොරොත්තුවන බවත් පැවසීය.

මෙම හවුල්කාරීත්වය යටතේ නුදුරු කාලයේදී ආරම්භ කිරීමට නියමිත පාඨමාලාවන්හි විශේෂත්වයක් වන්නේ, එහි ඉගැන්වීම් කටයුතු විශ්වවිද්‍යාල දෙකෙහිම සහයෝගීත්වයෙන් පවත්වාගෙන යෑමට කටයුතු සලසා තිබීමයි. මේ අනුව පහසු මුදලකට තත්ත්වයෙන් උසස් ලොව පිළිගත් ජාත්‍යන්තර තලයේ සුදුසුකමක් ලබා ගැනීමට මෙමඟින් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාවට හැකියාව ලැබෙනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments