Tuesday, February 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeක්‍රීඩා14 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට සහ 2023 ප්‍රාදේශීය...

14 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට සහ 2023 ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ප්‍රීමා සන්රයිස්” සන්නාමයේ අනුග්‍රාහකත්වය…

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික ගොල්ෆ් ක්‍රීඩා ඉසව් අතර කැපී පෙනෙන 2022 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සහ 2023 ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ප්‍රීමා සන්රයිස්” සන්නාමය විසින් සිය අනුග්‍රාහක දායකත්වය එක් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණ සහිතව   “ප්‍රීමා සන්රයිස්” සන්නාමය විසින් ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය වෙත සිය අනුග්‍රාහකත්වය එක් කරනු ලබන්නේ අඛණ්ඩව 14 වැනි වසරට වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2022 දෙසැම්බර් මස 20 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ (RCGC) ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. ප්‍රීමා සන්රයිස්” සන්නාමයේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ ජයග්‍රහණ හිමිකරගත් කණ්ඩායම් එම තරගාවලියට සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ බාලක හා බාලිකා කාණ්ඩයන්ගෙන් ජාතික ශූරතා දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කණිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකා වර්ගීකරණය ලෙස සුපතල world amateur golf rankings (WAGR) වෙත ඇතුලත් වීමේ අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියත් ඒ හා සමගාමීව ප්‍රාදේශීය මට්ටමෙන් පැවැති විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරග සියල්ල සහ දීප ව්‍යාප්තව පැවැති අන්තර් සමාජ ගොල්ෆ් තරග රැසක් වෙත “ප්‍රීමා සන්රයිස්” සන්නාමය විසින් සිය අනුග්‍රාහක දායකත්වය වසර පුරා එක් කරනු ලබන්නේ දිවයින පුරා විසිරී සිටින දක්ෂ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික මට්ටමේ කීර්තියක් අත්කරගන්නට ශක්තියක් වෙමිනි.

ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සමූහ සාමාන්‍යාධිකාරී ලෝරන්ස් චෑන් මහතා ප්‍රීමා සන්රයිස් කණිෂ්ඨ ගොල්ෆ් අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් “ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව නගාසිටුවීමට දීර්ඝ කාලයක් තිස්සේ ඉතා කැමැත්තෙන් හා මහත් ඕනෑකමකින් සහයෝගය ලබාදුන් අපට මෙවරත් ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට දායකවන්නට අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයට පළමුව ස්තූතිවන්ත වෙනවා. ජාතික මට්ටමේ කනිෂ්ඨ ගොල්ෆ් ශූරයන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන දැවැන්ත තරග ඉසව්වක කොටස්කරුවන් බවට පත්වන්නට හැකිවීම අප ලැබූ මහත් ගෞරවයක්.” යැයි පැවසීය.

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ කනිෂ්ඨ ගොල්ෆ් අනු කමිටුවේ සභාපතිනිය නිලු ජයතිලක මහත්මිය අදහස් දක්වමින් “ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් අප රටේ ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබනවා. ජාතික මට්ටමේ දක්ෂතා දක්වන කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයන් හඳුනාගනිමින් ඔවුන්ට ජාත්‍යන්තර මට්ටම දක්වා ගමන් කරන්නට අත්වැලක් වීමට අප ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සංවිධානය කරනු ලබනවා. ගොල්ෆ් ක්‍රීඩාව දිවයින පුරා ප්‍රචලිත කරන්නට ප්‍රීමා සන්රයිස් සන්නාමයෙන් එදා මෙදාතුර ලැබුණ සහයෝගය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වටිනවා. ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට මේ වසරේ මහනුවර, අනුරාධපුර සහ නුවරඑළිය කලාපයන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයේ වැඩි වර්ධනයක් අප දුටුවා. එලෙස දිවයින පුරා සිටින දක්ෂයන් එක් රැස් කරගනිමින් මෙවර තරගාවලිය සංවිධානය කිරීමට අපට ශක්තියක් වූ ප්‍රීමා සහයෝගයට අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. බි්‍රතාන්‍ය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ දස්කම් දැක්වූ නිරේක් තේජ්වානි මෙවර ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවය දිනාගන්නා ලාබාලතම ශ්‍රී ලාංකිකයා බවට පත්විය හැකි අතිශය උද්යෝගිමත් කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියක් මෙවර පැවැත්වෙනවා.” යැයි පැවසීය.

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් 1980 වසරේ සිට සම්ප්‍රදායක් ලෙස දෙසැම්බර් මාසයේදී අති උත්කර්ෂවත් ලෙස සංවිධානය කරනු ලබන්නකි. වයස අවුරුදු 9 ත් 18 අතර වයස් සීමාවේ වයස් කාණ්ඩ කිහිපයක් ඔස්සේ මෙවර ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය පැවැත්වීමට නියමිතය. වසරෙන් වසර වර්ධනය වූ මෙම තරගාවලියේදී ආසන්න වශයෙන් 80 ත් 100 ත් අතර ළමුන් පිරිසක් කනිෂ්ඨ සම්මාන වෙනුවෙන් තරග බිමට පිවිස තිබේ. හම්බන්තොට, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය වැනි දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගේ සැඟවුණු දක්ෂතා රැසක් මෙම තරගාවලි හරහා රටට හෙළි කරගැනීමට හැකිව තිබේ.

මේ වනවිට කැපීපෙනෙන ක්‍රීඩා කුසලතා දක්වන නිරේක් තේජ්වානි, විනුද වීරසිංහ, කේ ධනූෂාන්, සංකනාත් හේසර සහ ශෙරින් බාලසූරිය ක්‍රීඩිකාවන් 2021 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ ශූරතා දිනාගත් යනික් කුමාර (බාලක) සහ කායා දළුවත්ත (බාලිකා) සමග කරට කර හිඳිමින් මෙවර තරගාවලියේදී තියුණු ලෙස තරග වදිනු ඇතැයි බලාපොරොත්තු වේ. Silver Division, Bronze Division සහ Copper Division වශයෙන් පැවැත්වෙන තරග කාණ්ඩයන්හි රෙෂාන් අල්ගම, ජාකොබ් නෝටන්, තේජස් රතිස්කාන්ත්, යෙහාන් කෙන්තුල සහ අනුරාධපුර ඇකඩමියේ තෙනුක් සතිනිඳු ක්‍රීඩකයන් දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2022 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සහ 2023 ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට අනුග්‍රාහක දායකත්වය එක් කරන ප්‍රීමා සමාගම තරගාවලිය තුලදී ක්‍රීඩකයන්ගේ පෝෂණය සඳහාද අවධානය යොමු කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments