Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්ගොවි සුබසාධනය වෙනුවෙන් පැල්වත්ත සමාගම සිය දායකත්වය ලබාදෙයි...

ගොවි සුබසාධනය වෙනුවෙන් පැල්වත්ත සමාගම සිය දායකත්වය ලබාදෙයි…

ශ්‍රි ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්‍රමුඛතම දේශිය කිරි සන්නාමයක් වන පැල්වත්ත දේශිය ගොවි සුබසාධනයේ පෙරගමන්කරු වශයෙන් ද කටයුතු කරයි. ඒ අනුව වර්තමාන ආර්ථික දුෂ්කරතා හමුවෙි පිඩාවට පත්වි සිටින දේශිය කිරි ගොවි ප්‍රජාව නඟාසිටුවිමෙි අරමුණින් නව ගොවි සුබසාධන ව්‍යාපෘතියක් ආරමිභ කිරිමට කටයුතු කර ඇත.

පැල්වත්ත සමාගමෙි කළමණාකාර අධ්‍යක්ෂක අක්මාල් වික්‍රමනායක මහතා මෙි ව්‍යාපෘතිය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්විය. “අපගේ 10,000 පමණ වු කිරි ගොවි ප්‍රජාව ශක්තිමත් කිරිමෙි අරමුණෙන් පැලවත්ත සමාගම කුඩා පරිමාණ කෘෂි හවුල්කාරිත්ව වැඩසටහනේ (SAPP) සමාජිකත්වය පවා ලබාගෙන තිබෙනවා.නුවරඑළිය, කුරුණෑගල, අනුරාධපුර මෙන්ම තවත් දිස්ත්‍රික්ක 8 ක විසිරි සිටින 10,000 කට අධික කිරිගොවින් වෙනුවෙන් වාණිජ හවුල්කාරිත්වය, තාක්ෂණික දැනුම හා තිරසාර භාවිතයන් වැඩිකිරිමට මෙි හරහා අපි කටයුතු කර තිබෙනවා.  වර්තමානයේ රටෙි පවතින ආර්ථික අර්බුදය හමුවෙි පවා අපේ කිරි ගොවින් උපරිම තත්ත්වයේ නිෂ්පාදනයක් සිදුකිරිම අගය කල යුතුයි. මෙි නිසාම SAPP ව්‍යාපෘතිය හා සමිබන්ධ වි දේශිය කිරි ගොවින් වෙනුවෙන් සිය යුතුකමි ඉටුකිරිමට පැල්වත්ත සමාගම කටයුතු කරනු ලබනවා. ඒ අනුව ගොවි ජනයාගේ පවුලේ විවාහයකදි, දරු උපතකදි , පලමු ශ්‍රේණියට දරුවෙකු ඇතුලත් කිරිමෙිදි වගේම ශිෂ්‍යත්ව හා විශ්ව විද්‍යාල වරමි දිනාගැනිමෙිදි වැනි ජිවිතයේ වැදගත් අවස්ථාවලදි මෙන්ම හදිසි අනතුරකදි පවා මුල්‍යම දායකත්වය ලබාදිමට කටයුතු කරනු ලබනවා.”

පැල්වත්ත සමාගමෙි SAPP ප්‍රදානය කිරිමෙි උත්සවය පසුගිය දා කැකිරාව කිරි එකතුකිරිමෙි මධ්‍යස්ථානයේදි පවත්වනු ලැබු අතර SAPP යනු හුදෙක් මුල්‍යම ප්‍රදානයක් පමණක් නොවන අතර  එය එක්සත් ජනපදයේ කෘෂිකර්ම දේපාර්තුමෙින්තුව (USDA) හා ජාත්‍යන්තර විධායක සංස්ථාව (IESC) විසින් කිරි නිෂ්පාදනයේදි ගොවින් සවිබල ගැන්විමෙි ව්‍යාපෘතියක් ලෙසද දායකත්වය ලබාදෙනු ලබයි.

කළමණාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා තවදුරටත් මෙසේ සිය අදහස් දැක්විය.”ශ්‍රි ලංකාවෙි කිරි ගොවි ප්‍රජාවට විවිධ අයුරින් උපකාරි වනු ලබන ජාතික කිරි නිෂ්පාදන වැඩසටහනක කොටස්කරුවෙකු විමට අවස්ථාව ලැබිම ගැන අපි බෙහෙවින් සතුටුවෙනවා”

පැල්වත්ත කර්මාන්තශාලාවලින් උසස් තත්වයේ කිරි සැපයුමක් පවත්වාගැනිම සඳහා සමාගම විසින් සිය ගොවින්ට නිරතුරුවම දිරිගැන්වීම් ලබාදිම සිදුකරයි. ශ්‍රි ලංකාව පුරා විසිරි සිටින කිරිගොවින් විශාල ප්‍රමාණයක් පැලවත්ත සමාගම වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments