Uber සෑම විටම උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකිකයන්ට තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමට ය. Uber සේවාවන් තුළින් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ සවිස්තර සමීක්ෂණ වාර්තාවක් මෑතකදී “The Impact of Uber in Sri Lanka” යන නමින් පළ විය. මෙම සමීක්ෂණය සිදුකරන ලද්දේ එක්සත් රාජධානියේ ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන ‘Public First UK’ විසිනි.
කුඩා පරිමාණ ව්‍යාපාර වලට ලැබෙන අත්වැල – ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට Uber සේවාවන් හරහා, තමන්ට එතෙක් ගනුදෙනු කළ නොහැකි වූ ආපනශාලා සහ අලෙවිසැල් රාශියක් සමග ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබිණි. මෙය ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාර වලට රුපියල් බිලියන 2.1 ක පමණ අමතර අදායමක් මෙන්ම, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට රු. බිලියන 51 ක දායකත්වයක් ලබාදුන් පියවරක් විය.
රියදුරන්ගේ සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ගේ ඇගයීමට ලක්වූ නම්‍යශීලීත්වය – ඉහත සඳහන් වාර්තාවේ පැහැදිලිව දක්වා ඇති ආකාරයට, බොහෝ දෙනෙකු Uber සේවාවන් සමග අත්වැල් බැඳගැනීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ එහි ඇති නම්‍යශීලීත්වයයි. ජීවනෝපාය මාර්ග වලදී කාලය සම්බන්ධ නම්‍යශීලීත්වය තමන්ට බෙහෙවින් වැදගත් බව 35% ක ප්‍රතිශතයක් පවසා ඇත. Uber 2021 වසරේදී සිදුකළ ගණනයන්ට අනුව, මෙම ඉහළ නම්‍යශීලීත්වය රියදුරන්ට සහ සේවා හවුල්කරුවන්ට ගෙනෙන වටිනාකම රු. බිලියන 1.2 ක් වූ අතර, Uber සමග එක්වීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස වර්ෂයකදී ඔවුන් ලැබූ අමතර ආදායම රු. මිලියන 775 කි. මෙය ඔවුන්ට ඇති මීළඟ හොඳම විකල්පයට සාපේක්ෂව දළ වශයෙන් 27% ක් ඉහළ අගයක් වේ.
රියදුරන්ගේ සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ගේ තෘප්තිමත් බව – Uber සමග රාජකාරි කිරීමේදී ලබන අත්දැකීම සම්බන්ධයෙන් තමන් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් බව 61% ක ප්‍රතිශතයක් පවසා ඇත. 17% ක් පමණක් තමන් වෙනත් අර්ධකාලීන රැකියාවක් සොයමින් සිටින බව පවසා ඇති අතර, Uber නිසා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ස්වයං රැකියාවක යෙදීමට අදහසක් තමන් තුළ ඇති වූ බව 30% ක් පවසා තිබේ.
අපේක්ෂාවන් ඉටුකර ගැනීමට ලැබෙන අත්වැල – මේ ආකාරයට දිනපතාම හවුල්කරුවන්ට ලබාදෙන ආර්ථික අවස්ථාවන්ට අමතරව, රාජකාරි සීමාවෙන් ඔබ්බට යමින් ඔවුන් වෙනුවෙන් තවත් බොහෝ දේ ඉටුකිරීමට Uber පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ වසර 4 ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් Uber තම ඩිලිවරි සේවා හවුල්කරුවන් සහ ඔවුන්ගේ පවුල් වල යහපත වෙනුවෙන් ලබා දී ඇති දායකත්වය රු. මිලියන 3 ඉක්මවයි.
මේ වනවිට දෙවැනි අදියරටත් ක්‍රියාත්මක වන ‘Uber Delivery Scholar’ වැඩසටහන Uber ප්‍රජා සත්කාර අතර එක් ප්‍රධානතම වැඩසටහනි. ඩිලිවරි සේවා හවුල්කරුවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනික ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක් වීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වේ. Uber Delivery Scholar යටතේ ශිෂ්‍යත්ව මෙන්ම, දරුවන් වෙනුවෙන් වසරක කාලයක් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ලබාදීම වැනි පරිත්‍යාගයන්ද සිදුකෙරෙන අතර ඊට අමතරව, නිසි සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන්ට ‘National Institute of Business Management’ (NIBM) හිදී සහතිකපත් පාඨමාලා හැදෑරීම සඳහා රු, 40,000 ක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද සිදුකෙරේ.
සන්තෝසම් මුදල් වලින් ලැබෙන සවිය – ඔබ ලබාදෙන කුඩා සන්තෝසම් මුදල Uber රියදුරන්ට හා හවුල්කරුවන්ට කෙතරම් වැදගත්ද කියා ඔබ දන්නවාද? ඔබ ලබාදෙන සන්තෝසම් මුදල් 100% ක්ම ඔවුන් වෙතටම ලබාදෙන අතර, එය ඔවුන්ගේ සිහින සැබෑ කිරීමට සුළු හෝ අත්වැලක් විය හැකි බව මතක තබාගන්න. මෙවැනි යහපත් ක්‍රියාවන් තුළින් අපට එකම ශ්‍රී ලංකාවක් ලෙස එක්ව නැගී සිටීමට හැකිවනු ඇත.