Sunday, October 1, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්සියපත ෆිනෑන්ස් 42 වැනි ශාඛාව පොළොන්නරුව නගරයේ දැන් විවෘතයි!..

සියපත ෆිනෑන්ස් 42 වැනි ශාඛාව පොළොන්නරුව නගරයේ දැන් විවෘතයි!..

සම්පත් බැංකු සමූහයේ විශාලතම මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 42 වැනි ශාඛාව අංක 804, කෙලින් වීදිය, කදුරුවෙල, පොළොන්නරුව යන ස්ථානයේ දී පසුගියදා විවෘත කෙරිණ. නව්‍යකරණය, විශ්වාසනීයත්වය සහ හෘද්‍යාංගම භාවය මුසු වූ සියපත ෆිනෑන්ස් මූල්‍ය සේවා සංස්කෘතිය උතුරු මැද පළාතේ ප්‍රධාන නගරයක් වූ පොළොන්නරුව ආශ්‍රිත පාරිභෝගිකයන් වෙත සමීප කරමින් සියපත ෆිනෑන්ස් හී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් නව ශාඛාව විවෘත කෙරිණ.

සියපත ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා පොළොන්නරුව ශාඛාව විවෘත කළ අවස්ථාවේ අදහස් දක්වමින්  ර්‍ණමුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් ගම් නගර සිසාරා විවෘත කෙරුණු සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයට පොළොන්නරුව නව ශාඛාව තවත් දැවැන්ත ශක්තියක්. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ආගමික හා වාණිජ පුනර්ජීවනයට ශක්තියක් වූ අභිමානවත් පොළොන්නරුවේ සහ ඒ ආශ්‍රිතව වෙසෙන පාරිභෝගික ජනතාවගේ අත්‍යවශ්‍ය මූල්‍ය සේවාවන් කඩිනමින් ඉටුකර දෙන්නට අවශ්‍ය සියළු පහසුකම් මෙම ශාඛාවට අප ඇතුලත් කොට තිබෙනවා.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් වෙතින් ගනුදෙනුකාර භවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ඉතුරුම්, ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් පොළොන්නරුව ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ද ලබාගත හැකිය.

මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ සියපත ෆිනෑන්ස් සමාගම අරඹා ගතවූ වසර 18 කට ආසන්න කාල සීමාවක් පුරා උතුර, නැගෙනහිර ද ඇතුළුව ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් ද සවිබල ගන්වමිනි.

සියපත ෆිනෑන්ස් සමාගමේ සේවාවන් පිළිබඳ වැඩි විස්තර සඳහා www.siyapatha.lk වෙත පිවිසෙන්න

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments