Tuesday, February 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්අමානා තකාෆුල් අඛණ්ඩව වේගයෙන්ම වර්ධනයවන රක්ෂණ සමාගම බවට පත්වෙයි

අමානා තකාෆුල් අඛණ්ඩව වේගයෙන්ම වර්ධනයවන රක්ෂණ සමාගම බවට පත්වෙයි

අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් 2022 වර්ෂයේ තුන්වන කාර්තුව සඳහා වන මූල්‍ය වර්තා ප්‍රකාශයට පත් කිරීමත් සමඟ 2021 වසරේ සිට අඛණ්ඩව 7වන කාර්තුවටත් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම බවට පත්වෙමින් සිය ස්ථාවරත්වය නැවත වරක් තහවුරු කිරීමට සමත්ව ඇත. අමානා කකාෆුල් සමාගම විසින් මෙම තුන්වන කාර්තුව තුළ 46%ක ආදායම් වර්ධනයක් වාරතා කර ඇති අතර, ආයතනයේ 2022 වර්ෂය සඳහා වන මුළු ආදායම රු. බිලියන 2.547ක් දක්වා වර්ධනය වී ඇත.

අමානා තකාෆුල් සමාගමේ පසුගිය වසර කීපය තුළ තුන්වන කාර්තුවේ වර්ධනය සම්බන්ධයෙන් සැසඳීමේදී සහ විශ්ලේෂණය කිරීමේදී වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති අතර, 2020 ට සාපේක්ෂව 2021 වසරේ තුන්වන කාර්තුවේ 26%ක වර්ධනයක්, 2021 වසර සාපේක්ෂව 2022 වසරේ තුන්වන කාර්තුවේදී 46%ක වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇත. මෙයින් පෙන්නුම් කරණ කරුණක් වන්නේ අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම ගෙවුනු වසර දෙකක කාලය තුළ 72%ක අති විශිෂ්ට සමුච්චිත වර්ධනයක් හිමිකර ගැනීමට සමත්ව ඇති බවයි.

මෙම සමාගමේ මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරි ෂෙහාන් ෆයිසාල් මහතා මෙසේ අදහස් දැක්වීය. ” සමාගමක් විදිහට අපි අපගේ කොටස් හිමියන්, පාරිභෝගිකයන් සහ කාර්යමණ්ඩල සමාජිකයන් ඇතුළු අපගේ සියලුම පාර්ශ්වකරුවන්ට සුවිශේෂ සම වටිනාකමක් ලබාදීමට කටයුතු කළ අතර, එම පොරොන්දුව අඛණ්ඩව පවත්වාගැනීමටත් සමත්වුනා. ඒ වගේම සමාගමක් විදිහට අපි ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම තේරීම් අතර ස්ථානගත කිරීම වෙනුවෙන් සේවා සැපයීම් සහ ව්‍යාපාරික ක්‍රියාවලීන් එක්බද්ධ කරනු ලැබූ ඵලදායී උපායමාර්ගික සැළසුම් ක්‍රියාත්මක කිරිමටත් සමත් වී සිටිනවා. අපේ මේ ජනතා හිතවාදී ප්‍රවේශය ඔස්සේ ක්‍රියතාමක කළ ව්‍යාපාරික ආකෘතීන් සාර්ථක ප්‍රතිඵල අප පසුගිය වසර දෙක තුළ ඉහළ සාර්ථකත්වයක් අත්රකරගත් අතර, එය වර්ධණීය අනුපාත වලින් මැනවින් පෙන්නුම් කරනවා. මෙය අමානා තකාෆුල් රක්ෂණ සමාගම  විදිහට සියලුම ශ්‍රී ලාංකීකයන් සහ අපගේ ගනුදෙනුකරුවන් හට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමක් විදිහටයි මම දකින්නේ.”

අමානා තකාෆුල් හි ආයතනික උපායමර්ග ප්‍රධානි රජිත ඔබේසේකර අදහස් දක්වමින් ප්‍රකාශ කලේ, ”කෙටි කාලීන හා මධ්‍ය කාලීනව අඛණ්ඩව තිරසාර වූ අතිවිශිෂ්ට වර්ධනය වේගයක් ලබා දීම අපේ ජයග්‍රාහී උපායාමාර්ය යි. ඒ වගේම 2023 වසරෙදි වර්ධනයට සහාය වෙමින් අපේ මේ ප්‍රවේශයන් තවදුරටත් පුළුල් කිරීමට අවධානය යොමු කරමින් ඒ සඳහා වන නව ක්‍රියාමාර්ගයන් මේ වන විටත් අප සැළසුම් කර තිබෙනවා. විශේෂයෙන් අපේ විවෘත දැක්ම සහ පොරොන්දුවූ පිරිදි නියමිත වේලාවට හිමිකම් ගෙවීම්, පහසු සහ විනිවිදභාවයක් සහිත ප්‍රතිපත්ති ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාර සඳහා ප්‍රතිලාභ රැසක් ලබාදීමට අපට හැකිවී තිබෙනවා. විශේෂයෙන් අපව විශ්වාස කරමින් අපත් සමඟ එක්වූ සියලුම් ගනුදෙනුකරුවන්ට ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා වගේම, අපේ ජනතා හිතවාදී මෙම නව ව්‍යාපාරික සැළසුමත් එක්ක එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත ආරාධනා කර සිටිනවා.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments