2022 වෙළෙඳසේවා අන්තර් සමාගම් කණ්ඩායම් බැඩ්මින්ටන් තරඟාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට සම්පත් බැංකුවේ බැඩ්මින්ටන් කණ්ඩායම සමත් විය’ පසුගිය දෙසැම්බර් 3 වැනිදා සිට 18 වැනි දින දක්වා කොළඹ 07 රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවති මෙම තරඟාවලිය සඳහා ආයතන 50කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් කණ්ඩායම් 175ක් පමණ එක්ව සිටි අතර ඒ සියලු කණ්ඩායම් අතුරින් ශූරතාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට සම්පත් බැංකු බැඩ්මින්ටන් කණ්ඩායම සමත් වූයේ තමන් සහභාගී වූ කාණ්ඩ 4කින් පමණක් වීම මෙහි විශේෂත්වයකි’

එහිදී B කාණ්ඩය යටතේ පැවති පිරිමි විවෘත බැඩ්මින්ටන් ශූරතාවය හා මිශ්‍ර කණ්ඩායම් ශූරතාවය තමන් සතු කර ගැනීමට සමත් වූ සම්පත් බැංකු බැඩ්මින්ටන් කණ්ඩායම C කාණ්ඩය යටතේ කාන්තා අනුශූරතාව මෙන්ම ප්‍රවීණයින්ගේ අනුශූරතාවයද සම්පත් බැංකුව වෙත දිනා දීමට සමත් වූයේ සම්පත් බැංකු ක්‍රීඩා ඉතිහාසයේ තවත් ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරමිනි’
තවද B කාණ්ඩය යටතේ ශූරතාවය දිනාගත් තරඟාවලි දෙකෙහිම හොඳම ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සම්පත් බැංකු බැඩ්මින්ටන් කණ්ඩායම නියෝජනය කළ හසිත චානක සමත්වීම විශේෂත්වයකි’
වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළෙඳසේවා ක්‍රීඩා තරඟාවලියේදී මෙන්ම තවත් බොහෝ තරඟාවලීන් හිදී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කරමින් විශිෂ්ට ඇගයීම් හිමිකර ගැනීමට සම්පත් බැංකු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව ඇත’ විශේෂයෙන් සිය සේවක ප්‍රජාවගේ උනන්තිය වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසෙන සම්පත් බැංකුව ක්‍රීඩාව තුළින් ඔවුන්ගේ හැකියාවන් තව දුරටත් ඉහළ නැංවීමට මෙන්ම ජාතික වශයෙන් ක්‍රීඩාවේ දියුණුවට දායක වීම සඳහා ද කැපවී කටයුතු කරයි’