Friday, March 31, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්ශ්‍රි ලාංකීයදේශිය කිරි කර්මාන්තයේ නව පෙරළියක් පැල්වත්ත සමාගමෙන් සනිටුහන් කරයි..

ශ්‍රි ලාංකීයදේශිය කිරි කර්මාන්තයේ නව පෙරළියක් පැල්වත්ත සමාගමෙන් සනිටුහන් කරයි..

ශ්‍රි ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්‍රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම සිය සේවකයින් ඇගැයිමෙි වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. මෙහිදි පැල්වත්ත සමාගමෙි ක්ෂේත්‍ර නිලධාරින් මෙන්ම පසුපෙළ නිලධාරින් ඇගැයිමට ලක් වු අතර පසුගිය වසරේ පැල්වත්ත සමාගම දෛනික කිරි එකතුකිරිමෙන් ලැබු සුවිශේෂි ජයග්‍රහණය මෙන්ම ඉදිරි සැලැසුමි ප්‍රකාශයට පත්කිරිම ද මෙහිදි සිදුවිය.

පැල්වත්ත සමාගමෙි සභාපති ආරියශිල වික්‍රමනායක මහතා මෙම අවස්ථාව පිලිබදව මෙසේ සිය අදහස් දැක්වීය. ” පසුගිය වසරේ දිනකට කිරි ලීටර් 150,000 එකතුකිරිමෙි අභියෝගය පැල්වත්ත සමාගම ජයග්‍රහණය කිරිම බෙහෙවින් සතුටට කරුණක්. මෙය මෙරට දේශිය කිරි නිෂ්පාදන කර්මාන්තයේ සුවිශේෂි ජයග්‍රහණයක් ලෙස සලකන්න පුළුවන්..”

අභියෝග ජයග්‍රහණය කරමින් සිය පාරිභෝගිකන් වෙනුවෙන් උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් ලබාදිමට පැල්වත්ත සමාගම තවදුරටත් කැපවන බවත්, පැල්වත්ත සමාගම සතුව ඒ වෙනුවෙන් ශක්තිය හා සැලසුමි පවතින බවත් පැල්වත්ත සමාගමෙි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික තිලක් පියදිගම මහතා පෙන්වාදෙන ලදී.

පැල්වත්ත සමාගමෙි අධ්‍යක්ෂක සභාපති ආරියශිල වික්‍රමනායක මහතා තවදුරටත් මෙසේ සිය අදහස් දැක්වීය. “සමාගමෙි අනාගතය හා පාරිභෝගිකයින් වෙනුවෙන් විශේෂ කටයුතු රැසක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දෛනික කිරි නිෂ්පාදනය ඉහළ නැංවිම, පැල්වත්ත කිරිපිටි අපනයනය කිරිම වගේම තවදුරටත් නව නිෂ්පාදනයන් සංවර්ධනය කිරිම, කිරි එකතුකිරිමෙි මධ්‍යස්ථාන පුළුල් කරමින්, ශ්‍රි ලංකාවෙි දේශිය කිරි කර්මාන්තය නඟාසිටුවිමට පැල්වත්ත සමාගම කටයුතු කරනු ලබනවා.”

මෙම වැඩසටහනේදී පසුගිය වසරේ කිරි එකතුකිරිම මෙන්ම කිරි එකතුකිරිමෙි උපකාරක සේවාවල නිරත වු සේවකයින් ඇගැයිමට ලක් වු අතර මෙහිදි ඉහළ කිරි ධාරිතාවයක් එකතුකිරිම, ඉහළ ගුණාත්මක කිරි එකතුකිරිම, හොඳම කිරි මධ්‍යස්ථාන වශයෙන් කාණ්ඩ යටතේ ද ඔවුන් ඇගැයිමට ලක්කිරිම සුවිශේෂි කරුණකි.

ශ්‍රි ලංකාව තුල නිෂ්පාදනය වන කිරි, දේශිය කිරි නිෂ්පාදන අවශ්‍යතාව සපුරාලන තැනට පත්කිරිම උදෙසා විශාල මෙහෙවරක පැල්වත්ත සමාගම යෙදි සිටියි. එහිදි ඉහළ ගුණාත්මකබවක් හා ඉහළ පෝෂණ ගුණයක් සහිත සිය නිෂ්පාදන පාරිභෝගික වෙත ලබාදිම පැල්වත්ත සමාගමෙි අරමුණයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments