Tuesday, June 6, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්තාරුණ්‍යයේ අනාගත ව්‍යවසායක ක්ෂේත්‍රයක් ලෙස E-commerce පෙරට...

තාරුණ්‍යයේ අනාගත ව්‍යවසායක ක්ෂේත්‍රයක් ලෙස E-commerce පෙරට…

Daraz ශ්‍රී ලංකා සහ ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) එක්ව පසුගිය වකවානුවේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දුෂ්කර ආර්ථික වටපිටාවේදී විද්‍යුත් වාණිජ ක්‍රමයන්ගේ භාවිතාව හා වර්ධනය පිළිබඳ පළමු වරට එළිදැක්වූ විශ්ලේෂණාත්මක සවිස්තර වාර්තාව 2023 ජනවාරි 30 වැනි සඳුදා දින කොළඹදී පැවැති විශේෂ සාකච්ඡාවකදී එළිදැක්විණ. soelaúK’ “E-commerce: A Driver of Inclusive Growth in Sri Lanka?” යන මැයෙන් ඉදිරිපත් වූ වාර්තාව, වාර්තාව සකස් කළ විද්වතුන් විසින් තාක්ෂණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

Daraz ශ්‍රී ලංකා සහ ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) අතර සහයෝගීතාවයෙන් නිර්මාණය වූ එම වාර්තාවෙන් ශ්‍රී ලාංකීය විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයේ අඩුපාඩු සකස් කරමින් නිසි ප්‍රතිපත්තිමය රාමුවක් ගොඩනැංවීමේ අවශ්‍යතා පෙන්වාදී ඇත.

මුම්බායි හි Gateway House ආර්ථික හා කර්මාන්ත කටයුතු පිළිබඳ විශේෂඥ වෘත්තිකයෙකු සහ ලන්ඩනයේ ODI Global හි ජේෂ්ඨ සමීක්ෂණ නිලධාරී ආචාර්ය ගනේෂන් විඝ්නරාජා මහතා සහ Daraz ශ්‍රී ලංකා හි ප්‍රතිපත්ති සහ ආයතනික සබඳතා අංශ ප්‍රධානී අනිශ්කා ඩි සිල්වා මහත්මිය මෙම සමීක්ෂණ වාර්තාවේ සම කර්තෘත්වය හොබවයි. මෙම පර්යේෂණ වාර්තාව සඳහා අදාල සමීක්ෂණ කටයුතු NielsenIQ ශ්‍රී ලංකා හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා තෙරිකා මියනදෙණිය මහත්මියගේ අධීක්ෂණය යටතේ NielsenIQ විසින් සිදුකරන ලදී.

ආචාර්ය ගනේෂන් විඝ්නරාජා මහතා වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් “ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරය සමරන මොහොත වන විට පවතින ආර්ථික ගැටළුකාරී වාතාවරණයෙන් ගොඩඑන්නට විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රය උපකාරී වන බව පෙන්වන මෙම වාර්තාව රටට නව බලාපොරොත්තුවක් එක් කරනවා. ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රය වෙනුවෙන් නිකුත් වූ පළමු විශ්ලේෂණාත්මක වාර්තාව වන මෙම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ සෑම තරාතිරමකම ව්‍යවසායකයන්ගේ දායකත්වය හඳුනාගනිමින් ව්‍යවසායකයන්ට වඩාත් හිතකර ව්‍යාපාර පරිසරයක් ගොඩනගන්නට විශාල දායකත්වයක් ලැබෙනවා.” යැයි පැවසීය.

“E-commerce: A Driver of Inclusive Growth in Sri Lanka?” යන මැයෙන් 2022 මාර්තු සහ 2022 ජූලි කාලසීමාවේදී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් 4500 කට අධික පිරිසකගෙන් එක් රැස් කළ දත්ත ඇසුරෙන් එම වාර්තාව සකස් කෙරිණ. ව්‍යාපාරික උපායමාර්ග හා ප්‍රතිපත්තිමය ආවරණය වන ආකාරයෙන්
1. දිස්ත්‍රික්ක හා පළාත් අනුව විද්‍යුත් වාණිජ භාවිතාව
2. මිලදී ගන්නා භාණ්ඩ සහ සේවා අනුව
3. වසංගත කාල සීමාවේදී මිලදීගැනීම් රටාව
4. පුද්ගල ස්වභාවයන් අනුව පාරිභෝගික හැසිරීම
5. විද්‍යුත් වාණිජ ගනුදෙනු සඳහා භාවිතා කරන තාක්ෂණික උපාංග හා මුදල් ගෙවීමේ ක්‍රමවේද
6. අන්තර්ජාල මිලදීගැනීම් අධෛර්මත් කරවන හේතු සාධක
7. විද්‍යුත් වාණිජ ගනුදෙනුවලදී අලෙවිකරුවන් හා ගැනුම්කරුවන් යන දෙපාර්ශ්වයට රාජ්‍ය ප්‍රතිපත්තිවල බලපෑම

Daraz ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් “ E-commerce ක්ෂේත්‍රය තවමත් ශ්‍රී ලාංකීය ආර්ථිකයට අලුත් අත්දැකීමක්. භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී E-commerce ක්‍රමවේදය රැල්ලක් වගේ දිවයින පුරා පිබිදීමක් සිදුවෙමින් පවතින බව මේ සමීක්ෂණ වාර්තාවෙන් අප වටහාගත්තා. සමීක්ෂණයට සහභාගී වූ පළාත් සියල්ලම ආවරණය වන ලෙස තෝරාගත් 50 ක් විද්‍යුත් වාණිජ ක්‍රමවේදයට භාණ්ඩ හා සේවා ලබාගන්නා බව පවසනවා. බස්නාහිර පළාතට කිට්ටු බව හෝ දුරස්ථ බව අනුව E-commerce භාවිතාවේ වෙනසක් පෙනෙන්නට නැහැ බොහෝ දෙනා E-commerce එක්ක මේවනවිටත් ගනුදෙනු කරනවා. ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුවට විද්‍යුත් වාණිජ ක්‍රමවේදයන්ගේ භාවිතාවේ ප්‍රතිඵල මෙම වාර්තාවෙන් හොඳින් පෙන්වා දෙනවා. මේ ප්‍රතිඵල අනුව නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවේ ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනගන්නට හැකිබව අපට පෙන්නුම් කෙරෙනවා.” යැයි පැවසීය.

SLASSCOM සභාපති ආශික් එම්. අලි මහතා අදහස් දක්වමින් “වසංගතයත් සමග සීඝ්‍රයෙන් දියුණු වූ ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රය වසංගතයෙන් පසු මේ වකවානුව වන විට බලාපොරොත්තු තබාගත හැකි මට්ටමක ඉහළ වර්ධන වේගයක් පෙන්වනවා. අපේ අධ්‍යයනයන්ට අනුව අපේ කලාපයේ රටවල් ඉතාමත් වේගයෙන් විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් ඩිජිටල් ගනුදෙනු සංස්කෘතියකට හුරුවෙමින් පවතිනවා. මේ උනන්දුව අපේ රටෙත් අපි දකිනවා, ඒ තත්ත්වය එක්ක ක්‍රමානුකූල හා නිර්මාණශීලී මගපෙන්වීමක් ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදිය යුතුය. විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රය පිළිබඳ දැනුමේ අඩුලුහුඬුකම්, ඩිජිටල් ගනුදෙනු ක්‍රම ගැන නොදැනුවත් බව වගේ පොදු ගැටළු කිහිපයක් අප හඳුනාගෙන තිබෙනවා, ඒවා මගහරවාගන්නේ නම් ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රය ඉතා දියුණු තත්ත්වයකට පත් කරගන්නට පුළුවන්. මෙම වාර්තාවේ වටිනාකම හඳුනාගෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයන්ගේ මැදිහත්වීමෙන් E-commerce ක්ෂේත්‍රය තවදුරටත් දියුණු කළ හැකි නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, කාන්තා ව්‍යවසායකයන්, ස්වයං රැකියා නියුක්තිකයන් ඇතුළු සමස්ථ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවගේ දියුණුවත් ශ්‍රී ලංකා ආර්ථිකයේ සංවර්ධනයත් වේගවත් වේවි.” යැයි පැවසීය.

Daraz සහ SLASSCOM නිල වෙබ් අඩවියන්ගෙන්වා “E-commerce: A Driver of Inclusive Growth in Sri Lanka?” වාර්තාව ඩවුන්ලෝඩ් කරගත හැකි අතර වැඩි විස්තර සඳහා corporateaffairs@daraz.lk  වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments