Friday, March 31, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්SLT-MOBITEL, සුමති ටෙලි සම්මාන උළෙලේ නිල දුරකථන සන්නිවේදන සහකරු බවට පත්වෙයි...

SLT-MOBITEL, සුමති ටෙලි සම්මාන උළෙලේ නිල දුරකථන සන්නිවේදන සහකරු බවට පත්වෙයි…

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සම්මාන උළෙලක් වන සුමති ටෙලි සම්මාන උළෙලේ 2023 අදියරේ නිල දුරකථන සන්නිවේදන සහකරු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටී. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ විශිෂ්ටයෝ රැසක් ඇගයීමට ලක්වෙති.

සුමති සම්මාන උළෙලේ නිර්මාතෘ සහ සභාපති තිලංග සුමතිපාල මහතා සහ මොබිටෙල් (පුද්.) සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) චරක පෙරේරා මහතා විසින් මෙම හවුල්කාරීත්වයට අදාළ ගිවිසුමට අත්සන් තබන ලදි. මෙවර සම්මාන උළෙල 2023 පෙබරවාරි 09 දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්වේ.

සුමති සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් ඉටුකළ පුද්ගලයින් සහ කණ්ඩායම් ඇගයීමට ලක්කරන, රටේ සියලු දෙනාගේම පාහේ ගෞරවයට පාත්‍ර වූ සම්මාන උළෙලකි. සුමති සමූහ ව්‍යාපාරය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලැබේ.

දේශීය කලාකරුවන් සහ කලා ක්ෂේත්‍රය නගාසිටුවීමට කැපවී සිටින දේශීය සන්නාමයක් ලෙස, රටේ කලාව සහ ජනප්‍රිය සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් කිරීමට සිය උපරිම දායකත්වය ලබාදෙන අතරම, දේශීය කුසලතා පෝෂණය කිරීම සඳහා මෙවැනි ජාතික මට්ටමේ වැඩසටහන් සමග අත්වැල් බැඳගැනීමට SLT-MOBITEL දිගින් දිගටම කටයුතු කරනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments