Tuesday, June 6, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් වර්තමාන පවුලට සරිලන නිෂ්පාදන පෙළක් 'ප්‍රාසාර' සන්නාමය යටතේ,...

පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් වර්තමාන පවුලට සරිලන නිෂ්පාදන පෙළක් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ, හේමාස් වෙතින්…

නූතන පවුලට අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දෙන, පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් මත පදනම් වූ 100% ස්වාභාවික හෙළ ඔසු සාරය ,ප්‍රාසාර නිෂ්පාදන පෙළෙහි අඩංගු වේ. සබන්, දන්තාලේප, ෆේස් ක්‍රීම්, ෆේස් වොෂ් සහ සුවතා පානය ( ටොනික්) ආදී පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පරම්පරා ගණනාවක් පුරා පැවත එන පුරාණ ඔසු වට්ටෝරුවලට අනුකූලව, දේශීය හෙළ ඔසු භාවිත කර නිපදවා ඇත. ආයුර්වේද විශේෂඥයින්ගේ  අනුමැතිය සහිත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කරන සම්පූර්ණ හෙළ ඔසු පෞද්ගලික සත්කාරක නිපැයුම් පෙළක් ලෙස හඳුන්වා දිය හැකිය.

වර්තමාන පාරිභෝගික ජනතාව පවුලේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන බව සහ ඔවුන් තමා මිල දී ගැනීමට තෝරා ගන්නා නිෂ්පාදනවල ප්‍රමිතිය හා ගුණාත්මක බව පිළිබඳ ව  දැඩි අවධානයක් යොමු කරන බව විවිධ සමීක්ෂණවලින් අනාවරණය වී ඇත. එමෙන් ම වර්තමාන පාරිභෝගිකයින් හෙළ ඔසු අඩංගු ආයුර්වේද නිෂ්පාදන කෙරෙහි ඉහළ විශ්වාසයක් තබා ඇති බව ද එම සමීක්ෂණවලින් අනාවරණය වී ඇති කරුණකි. කාර්යබහුල ජීවන රටාව නිසා වත්මන් පවුල් සංස්ථාව තුළ අසමතුලිත සෞඛ්‍ය තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, හෙළ ඔසු අවශ්‍යතාව කෙතරම් තදින් දැනුණ ද, වර්තමාන ජනතාව තුළ හෙළ ඔසු පිළිබඳ පවතින අවම දැනුම සහ  ඒවා සොයා ගැනීමට ඇති අපහසුව ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට බාධාවක් වී ඇත. එය හොඳින් අවබෝධ කරගත් හේමාස් ආයතනය ප්‍රාසාර නිපැයුම් පෙළ හඳුන්වා දීමට කටයුතු කළේ ඊට විසඳුමක් ලෙසිණි.

Hemas Manufacturing (Pvt) Ltd යනු විවිධ වූ පාරිභෝගික අවශ්‍යතා සපුරාලමින් ගුණාත්මක බවින්  ඉහළ පෞද්ගලික සත්කාරක නිෂ්පාදන හඳුන්වා දෙන ප්‍රමුඛතම ආයතනයකි. හේමාස් සමාගම හඳුන්වා දුන් නවතම සන්නාමයක් වන ප්‍රාසාර පවුලේ සියලු දෙනාට ම සරිලන පරිපූර්ණ සෞඛ්‍යාරක්ෂිත හෙළ ඔසු සමන්විත නිෂ්පාදන පෙළක් ගෙන එයි.  ප්‍රාසාර යන්නෙහි තේරුම වන්නේ ‘ප්‍රාණයට සාරයක්’ යන්නයි. මෙම නිෂ්පාදන පෙළ මගින් සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩි දියුණු කරමින්, ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවගේ ජීවිතවල නිරෝගී සමතුලිතතාව ආරක්ෂා කිරීම හේමාස් සමාගමේ අරමුණයි.

ශ්‍රී ලංකාවට ම ආවේණික වූ හෙළ ඔසු භාවිතයෙන් නිපදවන සුවිශේෂී ප්‍රසාර සාරය ශරීරයේ ස්වාභාවික සමතුලිතතාව යථා තත්වයට පත් කිරීම සඳහා උපකාරී වේ. එමෙන් ම එම නිෂ්පාදනය  වයස අවුරුදු 12 ට වැඩි දරුවන් ඇතුළු සමස්ත පවුලට ම ගැළපෙන නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැකිය.

 ප්‍රාසාර සබන් පිරිසිදු, පෝෂණීය මෙන් ම පැහැදිලි සමක් ලබා දෙයි. එමෙන් ම සම හොඳින් පිරිසිදු කරන ප්‍රාසාර ෆේස් වොෂ්   පිරිසිදු, පැහැදිලි සහ දීප්තිමත් සමක් ලබා දෙයි. හෙළ ඔසු සහිතව නිපදවන ප්‍රාසාර දන්තාලේපය පූර්ණ මුඛ සෞඛ්‍ය ආරක්‍ෂාවක් තහවුරු කරන අතර, ශරීරය පිරිසිදු කරන ස්වාභාවික ප්‍රතිශක්තිකරණ බූස්ටරයක් ​​වන ප්‍රාසාර ටොනික් නිෂ්පාදනය නිරෝගී සමක්, හිසකෙස් සහ නිය ප්‍රතිනිර්මාණය කරගනිමින්, ඒවා පෝෂණීය ලෙස නඩත්තු කිරීම සඳහා  සහයෝගය ලබා දෙයි. පූර්ණ ආරක්ෂිත මෙම ප්‍රාසාර  නිෂ්පාදන සියල්ලක් ම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බව ද පැවසිය යුතු ම කරුණකි.

එමෙන් ම ආරක්ෂිත හා කාර්යක්ෂම නිෂ්පාදන පෙළක් ලෙස ප්‍රාසාර නිෂ්පාදන ආයුර්වේද වෛද්‍යවරුන් විසින් අනුමත කර ඇත.  සෞඛ්‍යාරක්‍ෂිත ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරන ප්‍රාසාර , 100%ක් දේශීය  සන්නාමයක් වන අතර, එම නිෂ්පාදන මෙරට ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල්, සිල්ලර අලෙවිසැල්, විසිතුරු භාණ්ඩ අලෙවිසැල්, ෆාමසි සහ ආයුර්වේද වෙළෙඳසැල්වලින් ලබා ගත හැකිය.

Hemas Manufacturing (Pvt.) Ltd යනු වසර 70ක ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පැරණිතම සමූහ ව්‍යාපාරයක් වන Hemas Holdings PLC සමාගමට අනුබද්ධිත සමාගමකි. හේමාස් රට තුළ FMCG, සෞඛ්‍ය ආරක්ෂණ, ඖෂධ, ප්‍රවාහන, හෝටල් සහ නිෂ්පාදන යන ක්ෂේත්‍ර රැසක පුරෝගාමී සමාගමකි. හේමාස් සමාගම ලොව පුරා මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ  විශ්වාසය දිනා ඇති නිෂ්පාදන රැසක් වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments