Monday, May 29, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeක්‍රීඩාPekoe Trail හි ප්‍රථම වරට කි.මී 300ක අල්ට්‍රා මැරතන් ධාවනය පැය 59...

Pekoe Trail හි ප්‍රථම වරට කි.මී 300ක අල්ට්‍රා මැරතන් ධාවනය පැය 59 කින් නිම කිරීමට සමත් වෙයි….

දින දෙක හමාරක් තිස්සේ අඛණ්ඩව ධාවනයේ යෙදෙමින් Hyun Chang Chung විසින් පසුගිය ජනවාරි 27 වන දින Pekoe Trail හි කිලෝ මීටර් 300ක දුරක් ප්‍රදේශවාසීන්ගේත්, පවුලේ සාමාජිකයින්ගේත් මෙන්ම රසිකයින්ගේත් අත් පොලසන් නාදය මධ්‍යයේ හන්තාන, තේ කෞතුකාගාරය අසලින් අවසන් කරනු ලැබීය. දින දෙක හමාරක් තුළ නොනැවතී ධාවනයේ යෙදුණු පළමු තරඟකරුවා වීමේ සුවිශේෂී අවස්ථාවද ඒ සමඟ Hyun Chang Chung වෙත උදා විය.

සාමාන්‍යයෙන් මහනුවර සිට ඇල්ල, හපුතලේ සහ හෝටර්න් තැන්න හරහා නුවරඑළිය දක්වා දින 22 ක පාගමනක් ලෙස The Pekoe Trail සංවිධානය කර තිබූවද එය පැය 59ක් වැනි ඉතා කෙටි කලෙකදී සම්පූර්ණ කිරීමට Chang ට සමත් වීම විශේෂ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය. ඒ සම්බන්ධයෙන් Chang පවසා සිටියේ මෙවැන්නකි. “The Pekoe Trail හි මෙම අල්ට්‍රා මැරතන් ඉසව්ව සම්පූර්ණ කළ පළමු පුද්ගලයා මම විය හැකියි. ඇත්තටම කඳු, බෑවුම් වගේම තේ වතු, ස්වභාවික රක්ෂිත වැනි විවිධත්වයෙන් යුත් පරිසර පද්ධති අතුරින් අතරින් සහ දේශීය ප්‍රජාව සමඟ සිදු කරන මෙම ධාවනය ලෝකයේ හොඳම මේ ආකාරයේ ධාවනයන් හා සමාන වන බව සඳහන් කළ හැකියි. මා ශ්‍රී ලංකාවට පැමිණි සිව් වන අවස්ථාව වන මේ මොහොතේ ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ආකර්ෂණය තව දුරටත් ඉහළ යාමට මෙය හේතුවක් වුණා.” හොංකොං මූලික කොටගත් බැංකු යෙදුම් සංවර්ධකයකු ලෙස කටයුතු කරන Chang මේ ආකාරයේ මැරතන් ඉසව් සඳහා වැඩි කැමැත්තක් දක්වන්නෙක් වන අතරම මේ වන විට ලොව පුරා එවන් ඉසව් 50කට අධික ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට සමත්ව ඇත. 2023 වසරේ ඔහුගේ මුල්ම අභියෝගය බවට පත් වූයේ මෙම  Pekoe Trail මැරතන් ඉසව්වයි.

The Pekoe Trail හි අරමුණ වන්නේ ත්‍රාසජනක අත්දැකීම් සොයා යන්නන් වැනි නව සංචාරක භූමිකාවන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා සඳහන් කර සිටියේ “ Chang ශ්‍රී ලංකාවේ Pekoe Trail සමඟ එක් වීමට කටයුතු කිරීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙනවා.  ඔවුගේ හැකියාවන් ඉතා විශිෂ්ටයි. බොහෝ සංචාරක ආකර්ෂණයක් හිමි කරගෙන ඇති එළිමහන් ක්‍රියාකාරකම් තව දුරටත් ඔවුන් වෙත ගෙන යාමට Chang ගේ මේ හැකියාවන් මනා පිටිවහලක් වනු ඇති අතරම සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට හොඳම කාලයද මේ සමඟ උදා වී ඇති බව සඳහන් කළ හැකියි” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ක්‍රමෝපායන් වෙනුවෙන් සහාය දැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක The Pekoe Trail යුරෝපා සංගමයේ යුරෝ මිලියන 5.7 ක ආයෝජනයක් වන අතරම තිරසාර පාරිසරික සංවර්ධනය වැනි කරුණුද ඊට ඇතුළත් වේ. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) විසින් මෙම ව්‍යාපෘතියේ ආරම්භය වෙනුවෙන් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 787,000ක (දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 283ක්) දායකත්වයක් ලබා දී තිබීමද විශේෂත්වයකි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා තානාපති ගරු Denis Chaibi මහතා “පසුගිය වසරේ The Pekoe Trail දියත් කරන බව නිවේදනය කිරීමේ සිට අද වන විට අප බොහෝ දුරක් පැමිණ තිබෙනවා. විශේෂයෙන් බාධක පාපැදි ලෝලියකු වන මා, Chang වැනි ජාත්‍යන්තර මට්ටමේ ධාවන කරුවන් අතර ඒ මඟින් ඇති කරන උනන්දුව පිළිබඳව ඉතා සතුටට පත් වෙනවා. එසේම වර්ධනය වෙමින් පවතින සංචාරක ප්‍රවණතාවන්ට අනුව ජාත්‍යන්තර මට්ටමේ සංචාරක අත්දැකීම් ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට සහාය වීමේ අවස්ථාව මින් උදා වනවා. Chang ගේ මැරතන් ඉසව්ව තුළින් මෙම අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් වන අවධානයෙන් සිටින බව සඳහන් කළ හැකියි”  යනුවෙන් පවසා සිටින ලදී.

මෙහිදී අදහස් දැක්වූ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම භාරව සිටින සංචාරක සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ ශෙහාන් රාමනායක මහතා සඳහන් කර සිටියේ “ප්‍රාදේශීය ප්‍රජාවන් නඟා සිටුවීමේ හා ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කරන ආකාරයේ තිරසාර සංචාරක ව්‍යාපාරයන් සඳහා කදිම උදාහරණයක් ලෙස මෙම Pekoe Trail ව්‍යාපෘතිය පෙන්වා දිය හැකියි. එසේම විශේෂයෙන් රාත්‍රියේ කාලයේ දී ආරක්ෂිත වාසස්ථානයන්ට හා සතුන්ට සිදුවන බාධාවන් අවම කිරීම සඳහා Chang ගේ ධාවනය මනාව සැලසුම් කිරීමට අප කටයුතු කළා” යනුවෙනි.

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ USAID හි සහයෝගයෙන් යුතුව Serendipity Trails යටතේ සංවර්ධනය කරනු ලබන ගමනාන්තය පදනම් කරගත් ඇවිදීමේ අවස්ථාවන් එකතුවෙහි පළමුවැන්න ලෙස The Pekoe Trail සඳහන් කළ හැකිය. සංචාරකයින් හට විවිධ භූමි ප්‍රදේශ, ඉතිහාසය, සංස්කෘතිය, ආහාර සහ ප්‍රාදේශීය ප්‍රජාවන් පිළිබඳ කෙටි හෝ බහු දින අත්දැකීම් ලැබීමේ අවස්ථාවක් ලෙස ගවේෂණය කිරීමේ අවස්ථාව උදා කර දෙන මෙහි Pekoe Trail 2023 ඉදිරි ගිම්හාන සමයේදී සංචාරකයින් වෙනුවෙන් විවෘත වනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments