දුම්වැටි ප්‍රචාරණය තහනම් කිරීමේ නිතිය ක්‍රියාත්මක කිරීම සදහා ස්විස්ටර්ලන්තයේ අද ඡන්ද විමසීමක් පැවැත්වෙනවා.
අසල්වැසි යුරෝපා රටවල් අදාල තහනම ක්‍රියාත්මක කර සැලකිය යුතු කාලයකට පසු එරට මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ
මත්පෙති සදහා ද යුරෝපය තුළ ලිහිල්ම නීති පනවන රට ලෙස ස්විස්ටර්ලන්තය සැලකෙනවා.
යුරෝපයේ සෙසු රටවල් සමග සසදන විට ස්විස්ටර්ලන්තය අවම දුම්ටැටි මිල පවතින රට වන අතර යුරෝපයට සාපේක්ෂව එරට වැඩිහිටියන් සියයට 27ක් දුම්පානයේ නිරත වන බව ද වාර්තා වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්වැටි පාලනය සම්බන්ධව රෙගුලාසි වලට මීට වසර 20කට පමණ පෙර අත්සන් තබා ඇති නමුත් එම රෙගුලාසි එරට තුළ අනුමැතියට ලක් නොකිරීම හේතුවෙන් මෙතෙක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී නොමැති බව සදහන්.