වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් ආරම්භ කල සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කලේ අද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග පැවති සාකච්චාවෙන් පැහැදිලි විසදුමක් ලබා නොදුන් බවයි.
මේ අතර සෞඛ්‍ය ක්ෂේත්රයේ කිසිවෙකුට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
නමුත් මෙම අවස්ථාවේ රටෙහි පවතින අර්බුදකාරී තත්වය මත වැටුප් ඉහල දැමිය නොහැකි බවද ඔහු සදහන් කළා. සෞඛ්‍ය වෘත්තීයවේදීන් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් සෞඛ්‍ය අමාත්‍යරයා මේ බව අවධාරණය කළා.
එමෙන්ම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සබාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන සදහන් කලේ මෙම අවස්ථාවේ සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කල වර්ජනය අසාධාරණ බවයි .
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 17ක් පසුගිය 07 වන දා මෙම වර්ජනය ආරම්භ කළා.
එමෙන්ම සෞඛ්‍ය වෘත්තීය සමිති සංවිධාන කළ පාගමනක් හේතුවෙන් කොටුව ගාලු පාර අවට දැඩි රථවාහන තදබදයක් අද පස්වරුවේ ඇති වුනා.
එම වෘත්තීය සමිති නියෝජිතයන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය බලා පාගමනින් පැමිණීම හේතුවෙනුයි දැඩි රථවාහන තදබදයක් ඇති වුණේ.