Saturday, December 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්HNB FINANCE වෙතින්  “Gold Plan” නමින් නව මූල්‍ය සේවාවක්

HNB FINANCE වෙතින්  “Gold Plan” නමින් නව මූල්‍ය සේවාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමක් වන HNB FINANCE සමාගමේ රන්ණය අංශය මගින්   “Gold Plan” නමින් නව්‍ය මූල්‍ය සේවාවක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී වමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතනික ශ්‍රවනාගාර පරිශ්‍රයේදී සෞඛ්‍යය  මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති චාම් උත්සවයකදී  පසුගියදා හදුන්වාදෙනු ලැබීය.

දිනෙන් දින ඉහළ යන රන් භාන්ඩ භාන්ඩ වෙළෙදපොළ තුළ අද පවතින මිලට රන් භාන්ඩයක් එකවර මිලදී ගැනීම පාරිභෝගිකයින් බොහෝ දෙනකුට සිහිනයක් වී ඇත. එවන් කාලවකවානුවක HNB FINANCE මගින් පාරිභෝගික අපේක්ෂාවන්ට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් ඔවුන්ගේ සිත්ගත් රන් භාන්ඩ වෙළෙදපොලේ අද පවතින මිලට මිලදී ගැනීමට අවස්ථාව ලබාදීම HNB FINANCE “Gold Plan”  සේවාවෙහි  අරමුණ වෙයි. ඊට අමතරව රන් සඳහා වන ඉල්ලුම සහ වටිනාකම දිනෙන් දින වර්ධනය වන බැවින් ඇතැම් පුද්ගලයින් ආයෝජනයක් ලෙස ද රන් මිලදී ගනී. HNB FINANCE විසින් හඳුන්වාදෙන මෙම “Gold Plan”මුල්‍ය පහසුකම එවන් පාරිභෝගිකයින් සඳහාද වඩාත් ප්‍රශස්තම මාර්ගය වනු ඇත.

“අභිනවයෙන් හඳුන්වාදුන් මෙම “Gold Plan” මූල්‍ය සේවාව අපගේ ව්‍යාපාරික දැක්ම අනුව යමින්  පාරිභෝගිකයින්ගේ  අභිලාෂයන්  ඉටු කරදීමට මුල්තැනක් දීම අරමුණු කරගනිමින් බිහිවූවක්. විශේෂයෙන් පාරිභෝගිකයින්ට ඔවුන් කැමැති රන්භාන්ඩ ඔවුන් සතුකරගැනීමට අවස්ථාව ලබාදීම“Gold Plan”   මූල්‍ය සේවාවේ ප්‍රමුඛාර්ථයයි.මෙම මූල්‍ය සේවාව පාරිභෝගික ආකර්ශනය මැනවින්  දිනාගනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි” යනුවෙන් HNB FINANCE හි රන් ණය සේවා ප්‍රධානී ලක්ෂ්මන් රණසිංහ මහතා පැවසීය.

“Gold Plan”සේවාවට අනුව පාරිභෝගිකයතු විසින් පිළිගැනීමක් සහිත ස්වර්ණාභරණ අළෙවි සැලකින්  මිලදී ගැනීමට අපේක්ෂා කරන රන් භාණ්ඩ සදහා එම රන් භාන්ඩ වටිනාකමින් කොටසක් ණයක් ලෙස HNB FINANCE “Gold Plan” සේවාව මගින් පාරිභෝගිකයාට ලබා දෙනු ලබයි.ඇප කරුවන්ගෙන් තොරව ලබා ගත් ණය මුදල අවම  පොළියක් ද සමග පාරිභෝගිකයාගේ ආදායමට සරිලන පහසු මාසික වාරික ගණනකින් යළි පියවිමට HNB FINANCE මගින්  පාරිභෝගිකයාට අවස්ථාව ලබා දීම මෙම සේවාවේ ඇති විශේෂත්වයකි. එමෙන්ම පාරිභෝගිකයා විසින් මිලදී ගන්නා ස්වර්ණාභරණ හෝ රන් භාණ්ඩ වල කැරට් වටිනාකම නිසි ලෙස තහවුරු කිරීම  HNB FINANCE ආයතනයේ පළපුරුදු විශේෂඥ සේවාව මගින් නොමිලේම සිදු කරනු ලබයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments