Wednesday, November 29, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකඅයිඩියල් ෆිනෑන්ස්, මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ලෙස නැවත සන්නාම ගත කෙරෙයි

අයිඩියල් ෆිනෑන්ස්, මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ලෙස නැවත සන්නාම ගත කෙරෙයි

නව අනන්‍යයතාවය මගින් මහින්ද්‍රා ෆිනෑන්ස් හි පුළුල් පරාසයක ප්‍රවීණතාවයෙන් ප්‍රයෝජන ගැනීම අරමුණු කරයි.
මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශ්‍රී ලකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන්නා බවට පත්කිරීමේ ගමනට පිවිසීමට නැවත සන්නාම ගත කරණ ව්‍යායාමය වැදගත්ය.

අයිඩියල් ෆිනෑන්ස් යනු Mahindra & Mahindra Financial Services Limited (Mahindra Finance/ MMFSL) හි අනුබද්ධිත ආයතනයකි. ඔවුන් සිය සමාගම්නාමය Mahindra Ideal Finance Limited (MIFL) ලෙස නැවත සන්නාම ගත කිරීම අද නිවේදනය කළේය. ඒ අනුව මෙම නැවත සන්නාම කරණය හරහා එහි ඒකාබද්ධ ව්‍යාපාරික හවුල්කාර දෙපාර්ශවය (මහින්ද්‍රා ෆිනෑන්ස් සහ අයිඩියල් සමූහය) විසින් “මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්” ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් (LFC) බවට පත්කිරීමේ දැක්ම ගොඩනඟනු ඇත. මහින්ද්‍රා ෆිනෑන්ස් හි ආයෝජනයන් සමග Fitch ශ්‍රේණිගත කිරීම් වල AA – (ස්ථාවර ඉදිරි දැක්ම/Outlook Stable) දක්වා නැවත ශ්‍රේණිගත කිරීම සමඟින් සමාගමට ශක්තිමත් පිළිගැනීමක් ලබාදී ඇත. ශ්‍රී ලංකාවේ සිදුකරන මෙම Mahindra & Mahindra Financial Services Limited ආයෝජනය ඉන්දියාවේ මෙන්ම ආසියානු වෙලඳ පොලවල් වලට ද ව්‍යාප්ත කිරීම මහින්ද්‍රා ෆිනෑන්සිහි ජාත්‍යන්තර උපාය මාර්ගයේ කොටසකි (විශේෂයෙන්ම උපායමාර්ගික වැදගත්කමක් සහිත මෝටර් රථ සහ ගොවි උපකරණ නිෂ්පාදන සඳහා).

අයිඩියල් ෆිනෑන්ස් දැනටමත් ශ්‍රීලාංකේය පාරිභෝගිකයන් වෙත පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි. නැවත සන්නාම ගතකරන ලද ආයතනය වන “මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්” ඊටත් වඩා පුළුල් නිෂ්පාදන රැසක් පිරිනැමීම හරහා සිය පාරිභෝගික වටිනාකම් වැඩි දියුණු කරගැනීම පිළිබඳව තව දුරටත් කට යුතු කරනු ඇත. ඒ අතරට රන් ණය, පුද්ගලික වාහන සඳහා ලීසිං, වාණිජ ට්‍රක්රථ, යතුරුපැදි, ත්‍රීරෝදරථ, පාරිභෝගික මූල්‍ය ණය සහ පුද්ගලික ණය ආදී සේවාවන් ඇතුළත් වේ. තව දුරටත් සිය පාරිභෝගිකයින්ගේ දොරකඩටම සේවා සැපයීම සහතික කිරීම සඳහා දිවයින පුරාසිය ශාඛා ජාලය ශීඝ්‍රයෙන් වැඩිකිරීමටද සමාගම අපේක්ෂා කරයි.

මෙහි දී අදහස් දැක්වූ මහින්ද්‍රා ෆිනෑන්ස් හි උපසභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රමේෂ් අයියර් මහතා මෙසේ පැවසීය. “අපි ආසියාවේ ව්‍යාප්තවීමට බලාපොරොත්තු වන අතර අයිඩියල් සමූහය සමඟ ඇති මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය එම දිශාවේ වැදගත්

පියවරක් වනවා.  ඒ සඳහා ශක්තිමත්, දිගු කාලීන වර්ධන අවස්ථා සමඟින් ශ්‍රීලාංකික වෙළෙඳ පොළට විශාල වර්ධන විභවයක් ඇති බව අපිවිශ්වාස කරනවා.  මෙම වර්ධනයට අවශ්‍ය ශක්තීන් සැපයීම සඳහා සම්පත්, ප්‍රාග්ධනය සහ විශේෂඥතාව අප ගෙන එන බැවින් නව මුහුණුවරකින් යුතු ආයතනයක් ලෙස මෙය, එහි හවුල්කරුවන් දෙදෙනාටම මෙම වෙළඳ පොල තුළ සමජ යග්‍රහණයක් අත්කර දෙයි.”

අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපති නලින් වෙල්ගම මහතා මෙසේ සඳහන් කළේය. “මහින්ද්‍රා සමූහ ව්‍යාපාරය සමඟ අපගේ සම්බන්ධය දිගුකාලීන එකක් වන අතර මහින්ද්‍රා සමූහ ව්‍යාපාරය පැරණි අයිඩියල් ෆිනෑන්ස් වෙත සිය සන්නාමය ලබාදීම මෙම හවුල්කාරිත්වය පිළිබඳව මහින්ද්‍රා සමූහය තබා ඇති විශ්වාසයට සාක්ෂියක්.  MIFL විසින් ශ්‍රීලංකාවේ මූල්‍ය සේවා වෙළඳ පොලේ වඩවඩාත් වේගවත් වර්ධන අවස්ථා සඳහා පහසුකම් සපයනු ඇති අතර රටේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් බවට පත්වීමේ අපගේ ඉලක්කය සපුරාගැනීමට උපකාරීවනු ඇතැයිද අපට විශ්වාසයි.  එය නව සන්නාමය වන “මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්” ව්‍යාපාරය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති අතර සමාගමද ශ්‍රීලංකාව තුළ ඉහළ මට්ටමකට ගෙන යනු ඇතැයි අප තරයේ විශ්වාස කරනවා.

මෙහි දී මහින්ද්‍රා ෆිනෑන්ස් සතුව තිබෙන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 25ක විශේෂඥ දැනුම ප්‍රයෝජනයට ගැනීමට “මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්” අදහස් කරනවා. එසේම ශ්‍රීලංකාව තුළ ශක්තිමත් මූල්‍ය සේවා ව්‍යාපාරයක් ගොඩනැගීමට අයිඩියල් ෆිනෑන්ස් හි වෙළඳපල දැනුමද ඊට එක්කරගැනීමට නියමිතයි. මෙලෙස සිය ව්‍යාපාරික විෂය පථය පුළුල් කිරීමෙන් මහින්ද්‍රා ෆිනෑන්ස් සිය සාර්ථක සහ සමාජීය ව්‍යාපාරික ආකෘතිය ශ්‍ රීලංකාව තුළ ප්‍රතිවර්තනය කිරීම අරමුණු කර සිටී. ඒ අනුව ඉන්දියාවට සංස්කෘතික හා භූගෝලීය වශයෙන් සමානකම් ඇති ශ්‍රීලංකාව සහ එහි මූල්‍ය සේවා වෙළෙඳ පොළ මහින්ද්‍රා ෆිනෑන්ස් සඳහා හොඳ අවස්ථාවක් ලෙස මතුවී තිබේ. ශ්‍රී ලංකාව මෝටර් රථ වෙළඳ පොලක් ලෙස මහින්ද්‍රා සමූහය සඳහා උපාය මාර්ගික වැදගත් කමක් දක්වන අතරම එය ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වනු ලබයි..

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments