Saturday, December 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeසිනමා“ආශාවරී”  

“ආශාවරී”  

තේජා ඉද්දමල්ගොඩයි   යනු  දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රවීණයෙක් වන අතර ඔහු චිත්‍ර කතා ශිල්පියෙක් වගේම තනු නිර්මාණ ශිල්පියෙක් ලෙසත් හැඳින්විය හැකියි. එසේම ඔහුගේ  කුලුඳුල් සිනමා නිර්මාණය වන්නේ ආශාවරී  සිනමා පටයයි. සද්ධා මංගල සූරියබණ්ඩාරගේ තිර රචනයෙන්  සහ රුවන් කොස්තාගේ කැමරා කරණයෙන් හැඩවූ මෙම සිනමා පටය කවුරුත් නොදැකපු  සුන්දර ස්ථානවල රූගත කිරීම් සිදුකර ඇත.

මෙය කන්ද උඩරට ඉතා ධනවත් පවුලක තරුණයෙක් දියතලාව හමුදා ඇකඩමියේ පුහුණුව ලබද්දී ඔහිය දුම්රිය ස්ථානාධිපතිගේ බාල රූමත් දියණිය වන “ආශාවරී” සමඟ ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක් දුරදිග යාම සහ ඒ පවුල් දෙක අතර ගැටුම ජය පරාජය ආදරය විරහව පිරුණු ඉතාමත් ආකර්ෂණීය කතාවකින් යුතු චිත්‍රපටයකි.

මෙම සිනමා පටයේ ප්‍රධාන චරිතය රඟපාන  හේමාල් සමඟ රඟපැම සදහා මාස 04 ක කාලයක් තිස්සේ තරුණියන් 47 දෙනෙකු සම්මුඛ පරික්ෂණයට ලක්කර ඇති අතර ඒ සදහා ඉන්දියානු තරුණියන් 03 දෙනෙකුද සහභාගි වී ඇත.එහිදි අවසානයට පැමිණි  ඉෂංකා ජාන්වී ව තෝරා ගෙන ඇති අතර සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ඇයගේ වයස අවුරුදු 19 කි.

බිමල් ජයකොඩිගෙන්  මෙතෙක් නොදැකපු වෙනස්ම චරිත නිරූපණයක් මෙම සිනමා පටය තුළින් දැක ගැනීමට හැකියාව ඇති අතර ජයලත් මනෝරත්නයන් රඟපෑ අවසන් සිනමා පටයයි.

 

මෙම සිනමා පටය සදහා  සාරංග දිසාසේකර, ජයනි සේනානායක, සේමිණී ඉද්දමල්ගොඩ, දිනිති වල්ගමගේ, රොහාන් රණතුංග, ධනුෂ්ක ඩයස්, රුවි ලක්මාලි, ප්‍රියංකර රත්නායක, ලසන්ත උඩුකුඹුර, දයා වයමන් රංගනයෙන් දායකත්වය දක්වයි.

“ආශාවරී”  මාර්තු 3 වැනිදා සිට ප්‍රේක්ෂකයන්ට  EAP  ඇතුළු සිනමා ශාලා රැසක නැරඹීමට හැකියාව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments