Saturday, December 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්ඉන්ධන මිල ඉහළට

ඉන්ධන මිල ඉහළට

ලංකා ඉන්දීය තෙල් සමාගම (IOC) ඉන්ධන මිල යළි ඉහළ දමා තිබේ.ඒ, ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ය.

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර, පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 කි.

ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 15 කිනි.ඒ අනුව නව මිල රුපියල් 139 කි.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඉන්දීය තෙල් සමාගම සඳහන් කළේ, ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බවයි.

ලංකා ඉන්දීය තෙල් සමාගම මසක් තුළ ඉන්ධන මිල ඉහළ දැමූ දෙවන අවස්ථාව මෙය වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments